Tuesday, October 31, 2017

Dhanis amaaruvata

දණහිස් වේදනාව නිට්ටාවට සුව කරගන බෙහෙතක් !

අප සිරුරේ හට ගන්න විවිධ වේදනා අතර වයස් භේදයකින් තොරව බොහෝ දෙනාට තිබෙන රෝගයක් තමයි දණහිස් හා හන්දිපත් වේදනාව.
මේ සියල්ලටම විවිධ බෙහෙත් පානය කිරීමට බොහෝදෙනා හුරුවෙලා සිටියත් එමගින් අවසානයේදී තවත් රෝග රැසකට මුහුණදීමට සිදුවනවා. වේදනානාශක ලෙස අප ලබාගන්නා එවැනි බෙහෙත් වර්ග ශරීරයට අහිතකර වන්නටත් පුළුවන්.
කාන්තා පිරිමි ඕනෑම කෙනක්ට පොදුවේ ඇතිවන මෙම දණහිස් සහ හන්දි වේදනාවට ආයුර්වේද එන ආලේපනයන් දෙකක් පිලිබදව අද අප ඔබව දැනුවත් කරනවා.
 
මෙම ආලේපනයන් කෙටි කාලයක් තුල වඩාත් සාර්ථක ප්‍රතිපල ඔබට ලබාදෙන අතර දණහිස් සහ හන්දි වේදනාව සම්පුර්නයෙන්ම නැතිකර දමනවා.
එසේනම් අපි දැන් බලමු එම මිශ්‍රනයන් සාදාගන්නා ආකාරය පිලිබදව.
පළමු ක්‍රමයට අවශ්‍ය ද්‍රව්‍ය.
සිනි තේ හැදී 1ක්.
කහ කුඩු තේ හැදී 1ක්.
ලුණු කැට තේ හැදී 1ක්.
දෙහි යුෂ මේස හැදී 1ක්.
සාදාගන්නා ආකාරය.
සිනි, ලුණු සහ කහ කුඩු කුඩා වංගෙඩියක් තුලට දමා කොටා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය භාජනයක් තුලට ඉවත් කර දෙහි යුෂ දමා හොදින් කවලම් කර ගන්න.
සාදාගත් එම මිශ්‍රණය ඔබගේ දණහිස් හෝ හන්දි වේදනා ඇති ස්ථාන වල රාත්‍රී ආලේප කර පොලිතින් එකකින් ආවරණය කර පසුද උදැසන සෝදාහරින්න.
දෙවන මිශ්‍රණය සදහා අවශ්‍ය ද්‍රව්‍ය.
තල තෙල් තේ හැදී 1ක්.
අබ තෙල් තේ හැදී 1ක්.
වේලා කුඩුකර ගත් ඉගුරු කුඩු තේ හැදී 1ක්.
සාදාගන්නා ආකාරය.
තල තෙල් සහ අබ තෙල් භාජනයක් තුලට දමා එයට ඉගුරු කුඩු එක්කර හොදින් කවලම් කර ගන්න. සාදාගත් එම මිශ්‍රණය වේදනා සහිත ස්ථාන වල ආලේප කර සම්බාහනය කරන්න.
මෙම ක්‍රමයන් දෙකෙන් ඔබට පහසු ඕනෑම ක්‍රමයක් තෝරාගෙන භාවිතා කරන්න.
වයස් භේදයකින් තොරව බොහෝදෙනෙක් පිඩා විදින මේ දණහිස් හා හන්දිපත් වේදනාව නිට්ටාවට සුව කල හැකි ආලේපන ගැන විස්තර ඇතුලත් ලිපිය Share කර ඔබේ මිතුරන්වත් දැනුවත් කරන්න.