Showing posts with label Technology. Show all posts

Sunday, October 22, 2017
Tuesday, August 11, 2015
For Vehicle Lovers
වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්
වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය අඩු කර ගන්නේ කොහොමද කියලා. කටු කන්නේ නැතිව වාහනයක ගමනක් යන්න නම් අයිති කාරයා හෝ රියදුරා වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මූලිකව බලන්න තියන්නේ කියලා. මේවා එලකිරි වාසී ජනතාව වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.
1. ටයිමින් බෙල්ට්
වාහනේක ටයිමින් බෙල්ට් එකක් මාරු කරන්නේ කිලෝමීටර් ලක්ෂෙන් ලක්ෂෙට. එහෙනම් පාවිච්චි කරපු වාහනයක් ගත්තු කෙනෙක් තමන්ගේ වාහනේ දුවල තියන්නේ කිලෝමීටර් 75000 යි නම් ටයිමින් බෙල්ට් එක ගැන හිතන්න ඕනෙ නෑ කියලා ඔයාල කියන්න පුලුවන්. ඒක ඇත්ත වෙන්න පුලුවන් මේ රටේ මිනිස්සු මීටර් කරකවන්නේ නැත්තං ලක්ෂෙ පැනපු වාහනයක් 75000 ට මීටරේ කරකවලා තියෙන්න පුලුවන්. ඒ නිසා පාවිච්චි කරපු වාහනයක් ගත්තට පස්සේ බාස් කෙනෙකුට පෙන්නලා ටයිමින් බෙල්ට් එක හොදද කියලා තහවුරු කර ගන්න. වාහනයක් ගත්තම ඉස්සල්ලම කරන්න ඕනේ ඕකයි. එන්ජින් එක ස්ටාට් එකේ තියද්දී ටයිමින් බෙල්ට් එක කැඩුනොත් වෙන විපාකය හැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
<http://i702.photobucket.com/ albums/ww28/Dubsmoke/P1000422. jpg>
ටයිමින් බෙල්ට් එක වෙනුවට චේන් එක තියනව නම් එහෙම බයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ.
2 එන්ජිල් ඔයිල් තියනවද
හැමදාම උදේට වාහනේ ස්ටාර්ට් කරන්න කලින් තෙල් කූර අරන් බලලා එන්ජින් ඔයිල් නියමිත ප්‍රමානයට තියනවද කියලා තහවුරු කර ගන්න ඕනේ. මොකද රෑ එලි වෙනකොට බඩු ගිහින් තිබුනොත්. <http://www.elakiri.com/forum/ images/smilies/P.gif> එන්ජින්එක ස්ටාර්ට් කලාට පස්සෙ ඔයිල් බලලා වැඩක් නෑ. එතකොට තෙල් එන්ජිමේ හැම තැනකටම ගිහින් ඉවරයිනේ. ඒ නිසා රෑට නවත්තපු වාහනේ උදේ තෙල් බලන එක තමයි වඩාත් සාර්ථක.
<http://www.driving-test- success.com/showme_tellme/oil- dipstick.jpg>
3 බ්‍රේක් ඔයිල්
බ්‍රේක් ඔයිල් අඩුයි නම් ඩෑෂ්බෝර්ඩ් එකෙ තියන හැන්ඩ්බ්‍රේක් ඇද්දාම පත්තුවෙන ලයිට් එකම පත්තු වෙලාම තියෙනවා. එහෙනම් හෑන්ඩ් බ්‍රේක් එකේ ලෙඩක් කියලා හිතන්නේ නැතුව ඉක්මනින්ම බ්‍රේක් ඔයිල් දාන්න ඕනේ. නැත්තං එන්ජිල් ඔයිල් බලන්න බොනට් එක ඇරපු වෙලාවේ බ්‍රේක් ඔයිල් ඇතිද කියලත් ලේසියෙන්ම බලාගන්න පුලුවන්.
<http://www.checkthatcar.com/ check%20brake%20fluid%20level. jpg>
4 ක්ලච් ඔයිල්
මැනුවල් ගියර් වාහන වල නම් ක්ලච් ඔයිල් ප්‍රමාණය නිවැරදිද කියලා ඉද හිට හරි බලන එක හොදයි.
<http://pad3.whstatic.com/ images/thumb/8/8b/ LookforClutchResevoir-Step-2. jpg/670px- LookforClutchResevoir-Step-2. jpg>
5 ගියර් ඔයිල්
මැනුවල් ගියර් වාහනයක ගියර් ඔයිල්නම් අපිට බලන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සර්විස් කරන්න ගියහම එයාල බලනවා. හැබැයි ඔටෝ ගියර් වාහන වල නම් නියමිත විදිහට ගියර් ඔයිල් තියනවද කියලත් තහවුරු කර ගන්න ඕනේ.
<http://imageshack.com/a/ img546/6086/4ed3.jpg>
6 පවර් ස්ටීරියන් ඔයිල්
පවර් ස්ටීරියන් තියන වාහනයක නම් මේවත් බලන්න ඕනේ. හැබැයි නිතරම නෙවෙයි. රෝද කපන්න අමාරු වුනොත් හරි, කපනකොට අමුතු සද්දයක් ආවොත් හරි ඉක්මනින්ම පවර්ස්ටීරියන් ඔයිල් බලන්න. නැත්තං පවර්ස්ටීරිං පොම්පෙ සව්ත්තු වෙන්න පුලුවන්.
<http://www.freeautomechanic. com/images/power-steering-% 20fluid-level.jpg>
මතක තියා ගන්න බොනට් එක ඇරියම තියන පොඩි පොඩි සුදු හෝ කහපාටට හැරුණු කෑන් වල මින් මැක්ස් කියලා සිංහලෙන්ම ගහලා තියන්නේ ජොලියට නෙවෙයි. <http://www.elakiri.com/forum/ images/smilies/P.gif> ඒ නිසා ඒවා බලලා අඩුනම් අදාළ තෙල් වර්ග මැක්ස් අගය දක්වා පුරවන්න ඕනේ. එතන තියන රේඩියේටර් එකට වතුර යන කෑන් එකටයි, වින්ඩ්ස්ක්‍රීන් එකට වතුර යන කෑන් එකටයි නිවැරදි මට්ටමට වතුර දාන්න ඕනේ.
වාහනේ නවත්තල තියන තැනින් එලියට ගන්නකොට බිම තෙල් තියනව නම් සැලකිලිමත් වෙන්න. මොනව හරි තෙල් වර්ගයක් ගිහින් නම් කට්ටක් හා වියදමක් අතලග කියලා හිතන්න. එහෙම හිතලා කට්ට කන කන් බලාගන ඉන්නේ නැතව අදාල තෙල් වර්ගය මොකකද් බලලා ඒව දාලා, ගැරජ් එකකට ගෙනිහින් දෝශය නිරාකරණය කර ගන්න.
7 වතුර
වාහනේ ස්ටාට් කරන්න කලින් රේඩියේටර් එකේ උඩ මූඩිය ඇරලා වතුර තියනවද බලන්න. ටිකක් හරි මදි නම් ඒකට අවශ්‍ය ප්‍රමානයට වතුර දාන්න. සර්විස් එකේදි රේඩියේටර් එකට කූලන්ට් දාලා තියන නිසා මදි පාඩුවට වතුර දාගත්තට කමක් නෑ. නැතුව රේඩියේටර් එකක් වතුරෙන් විතරක් පුරවන්න හොද නෑ. වතුර බලලා ඉවර වෙලා රේඩියේටර් එකේ මූඩිය හොදින් තද කරන්න. නැත්තං බොයිල් කරන්න ගනී. ( වාහනේ රත් වෙච්ච වෙලාවක නම් මේක ගලවන්න යන්න එපා, වාෂ්පෙට මූන අතපය පිච්චිලා යයි. <http://www.elakiri.com/forum/ images/smilies/sq/sorry8bj.gif > ) <http://i.ytimg.com/vi/ vEdtHZwLKZ8/0.jpg>
රේඩියේටර් එකට වතුර සපයන අමතර ටැංකියෙත් නිවැරදි මට්ටමට වතුර තියනවද බලන්න.
<http://128.199.177.225/wp- content/uploads/2014/08/ 20100923020651.jpg>
එහෙනම් හැමදාම කරන්න ඕනෙ දේවල් මෙහෙම සිහිපත් කරන්නම්
1 රෝදවල හුලං ඇද්ද බලන්න - හුලං නැතුව ගියොත් ටයර් සව්ත්තු වෙනවා, ඒවගේම හුලං ප්‍රමාණය අඩු නම් තෙල් පිච්චෙනවත් වැඩී.
2 රේඩියේටරයේ වතුර බලන්න.
3 තෙල් හෝ ඉන්දන කාන්දුවෙලාද බලන්න.
4 එන්ජින් ඔයිල් ප්‍රමාණය බලන්න.
සතියකට සැරයක් හරි දුර ගමනක් යන්න කලින් හරි මේදේවල් බලන්න
1 බ්‍රෙක් ඔයිල් ඔයිල් ආදිය බලන්න.
2 නියමිත පරිදි විදුලි බල්බ වැඩකරනවද බලන්න.
3 වින්ඩ්ස්ක්‍රීන් වලට එන වතුර ඇතිද බලන්න.
4 ෂෙඩ් එකකින් හරි ටයර් කඩේකින් හරි රෝදවල වායු පීඩනය නිවැරදිද බලන්න
මාස 6 කට වරක් හෝ කිලෝමීටර් 5000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 එන්ජින් ඔයිල් ඉවත් කරලා අලුතින් දාන්න. (සර්විස් එකකින් පුලුවන්) මෙතනදි ඔයිල් ෆිල්ටර් එක අලුතින් දාගන්න පුලුවන්.
2 රෝදවල ඇන බුරුල් වෙලාද බලන්න.
මාස 6 කට වරක් හෝ කිලෝමීටර් 10,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 ඉන්දන ෆිල්ටර් එක පිරිසිදු කරන්න
2 බ්‍රේක් ෆෑඩ් ගෙවිලද බලන්න
3 රෝද වල එලයිමන්ට් එක බලාගන්න පුලුවන් නම් හොදයි.
මාස 12 කට වරක් හෝ කිලෝමීටර් 20,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 ඉන්දන ෆිල්ටර් එක අළුතින් යොදන්න
2 රේඩියේටර් එකේ රබර් බට පරීක්ෂා කරන්න.
3 ගියර් ඔයිල් මට්ටම නිවැරදිද බලන්න.
4 ප්ලග් හෝ ඉන්ජෙක්ටර් පරීක්ෂා කරන්න
5 සෙන්සර් පද්ධතිය නිවැරදිද කියලා ස්කෑන් පරික්ෂණයකින් තහවුරු කර ගන්න.
මාස 24 කට වරක් හෝ කිලෝමීටර් 40,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 එයාෆිල්ටර් එක අලුතින් දාන්න.
2 රේඩියේටර් එකේ වතුර සම්පූර්නෙන් අයින් කරලා අලුතින් කූලන්ට් දාන්න.
මාස 36 කට වරක් හෝ කිලෝමීටර් 60,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 බ්‍රේක් ඔයිල් අලුතින් දාන්න
2 ඉන්ජෙක්ටර් වල පීඩනය සකස් කරන්න
මාස 60 කට වරක් හෝ කිලෝමීටර් 100,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 ටයිමින් බෙල්ට් අලුතින් යොදන්න.
රෝදයක් මාරු කරනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල්
1 ඇන බුරුල් කරලා, ඊට පස්සේ ජැක් එක ගහලා ඇන ගලවන්න.
2 ලෙවල් පොලවක විතරක් ජැක් එක රද වන්න.
3 යටට රිංගනව නම්, ජැක් එකට අමතරව ලී කොටයක් වත් හිර කරලා ඉන්න.
වෙන සැලැකිලිමත් වෙන්න ඕනෙ දේවල්
1 ටයි දාගෙන කොන්ඩෙ කඩාගෙන ස්ටාට් එකේ තියන වාහනේ ඇතුලට එබෙන්න එපා
2 වාහනේ රත් වෙච්ච වෙලාවක රේඩියේටර් පියන අරින්න එපා
3 සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා. මොකද එන්ජින් එක උඹලගෙනේ.
4 සම්පූර්ණයෙන් වහලා තියන ගැරජ් එකක ඉදන් කවදාවත් වාහනේ ස්ටාට් කරන්න එපා.
5 බැටරිය ගැලවීමේදී මුලින්ම - අග්‍රය ගලවන්න. සවි කිරීමේදී මුලින්ම + අග්‍රය සවි කරන්න.
මේ පහළ තියන ටික අපේ රත්තරං සහෝදරයා දුන්න උපදෙස් මහන්සි නොබලා මේ උපදෙස් ටික පෝස්ට් කළාට රත්තරං සහෝදරයාට ස්තූතී.
<http://www.elakiri.com/forum/ customavatars/avatar391748_8. gif>
1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්‍රේක් බදනවා... කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා <http://www.elakiri.com/forum/ images/smilies/P.gif> <http://www.elakiri.com/forum/ images/smilies/P.gif>
2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී
3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා දාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න
4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරල දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා.
5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න
6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි
7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාපල්ලා. ගානත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි
8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් උනාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා පොටි ඇදලා පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න
9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතපල්ලා. ඔය ඇලියොන් ප්‍රෙමියෝ ගල් ගොඩක ගියත් සැප උනාට මුලු කාර් එකම ඉවරයි
10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි
11.1 ලක්ශෙන් විතර බ්‍රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්‍රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල.
11.2 වාහනවල බ්‍රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගනිල්ලා වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්‍රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබොල වැටුනොත් ඉවරයි
12. අබ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා. මගේ එකේ බොනට් එක උඩ තියෙනවා කුරුල්ලෙක් ජරාකරපු පාරක්. රබින් කම්පවුන්ඩ් වලින් කපලත් ගියේ නෑ
13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.
14. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාපල්ලා
15.ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න
16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.
17. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන එකාට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න
18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා
මේ උපදෙස් ටික නිසා පෝස්ට් එකේ වටිනාකම ගොඩක් වැඩි වුනා කියලා හිතනවා.
වාහනයක් කියන්නේ ඉතිං යන්ත්‍රයක්නේ. ඉතින් මොන වෙලාවක මෙන විදිහේ ලෙඩක් හැදෙයිද කියලා කියන්න බෑ. එහෙම වෙලා අතර මගදී නතර වුනොත් කන්න වෙන කට්ට ගැන ඉතිං ආයි අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. අද කථා කරන්න යන්නේ අන්න එහෙම කටු කන්න වෙන සම්භාවිතාවය අඩු කර ගන්නේ කොහොමද කියලා. කටු කන්නේ නැතිව වාහනයක ගමනක් යන්න නම් අයිති කාරයා හෝ රියදුරා වාහනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. බලමු එහෙනම් මොනවද මූලිකව බලන්න තියන්නේ කියලා. මේවා එලකිරි වාසී ජනතාව වෙනුවෙන් මහන්සි නොබලා ටයිප් කරන්න හිතුවේ අතරමග නාස්තිවෙන මිනිස් පැය ගාන ඉතුරු කර ගන්න වගේම ඔයාලා නිකරුණේ කටු කන එක වලක්වන්න ඕනෙ නිසා.
1. ටයිමින් බෙල්ට්
වාහනේක ටයිමින් බෙල්ට් එකක් මාරු කරන්නේ කිලෝමීටර් ලක්ෂෙන් ලක්ෂෙට. එහෙනම් පාවිච්චි කරපු වාහනයක් ගත්තු කෙනෙක් තමන්ගේ වාහනේ දුවල තියන්නේ කිලෝමීටර් 75000 යි නම් ටයිමින් බෙල්ට් එක ගැන හිතන්න ඕනෙ නෑ කියලා ඔයාල කියන්න පුලුවන්. ඒක ඇත්ත වෙන්න පුලුවන් මේ රටේ මිනිස්සු මීටර් කරකවන්නේ නැත්තං ලක්ෂෙ පැනපු වාහනයක් 75000 ට මීටරේ කරකවලා තියෙන්න පුලුවන්. ඒ නිසා පාවිච්චි කරපු වාහනයක් ගත්තට පස්සේ බාස් කෙනෙකුට පෙන්නලා ටයිමින් බෙල්ට් එක හොදද කියලා තහවුරු කර ගන්න. වාහනයක් ගත්තම ඉස්සල්ලම කරන්න ඕනේ ඕකයි. එන්ජින් එක ස්ටාට් එකේ තියද්දී ටයිමින් බෙල්ට් එක කැඩුනොත් වෙන විපාකය හැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ.
<http://i702.photobucket.com/
ටයිමින් බෙල්ට් එක වෙනුවට චේන් එක තියනව නම් එහෙම බයක් ඇති කර ගන්න අවශ්‍ය නෑ.
2 එන්ජිල් ඔයිල් තියනවද
හැමදාම උදේට වාහනේ ස්ටාර්ට් කරන්න කලින් තෙල් කූර අරන් බලලා එන්ජින් ඔයිල් නියමිත ප්‍රමානයට තියනවද කියලා තහවුරු කර ගන්න ඕනේ. මොකද රෑ එලි වෙනකොට බඩු ගිහින් තිබුනොත්. <http://www.elakiri.com/forum/
<http://www.driving-test-
3 බ්‍රේක් ඔයිල්
බ්‍රේක් ඔයිල් අඩුයි නම් ඩෑෂ්බෝර්ඩ් එකෙ තියන හැන්ඩ්බ්‍රේක් ඇද්දාම පත්තුවෙන ලයිට් එකම පත්තු වෙලාම තියෙනවා. එහෙනම් හෑන්ඩ් බ්‍රේක් එකේ ලෙඩක් කියලා හිතන්නේ නැතුව ඉක්මනින්ම බ්‍රේක් ඔයිල් දාන්න ඕනේ. නැත්තං එන්ජිල් ඔයිල් බලන්න බොනට් එක ඇරපු වෙලාවේ බ්‍රේක් ඔයිල් ඇතිද කියලත් ලේසියෙන්ම බලාගන්න පුලුවන්.
<http://www.checkthatcar.com/
4 ක්ලච් ඔයිල්
මැනුවල් ගියර් වාහන වල නම් ක්ලච් ඔයිල් ප්‍රමාණය නිවැරදිද කියලා ඉද හිට හරි බලන එක හොදයි.
<http://pad3.whstatic.com/
5 ගියර් ඔයිල්
මැනුවල් ගියර් වාහනයක ගියර් ඔයිල්නම් අපිට බලන්න අවශ්‍ය වෙන්නෙ නෑ. සර්විස් කරන්න ගියහම එයාල බලනවා. හැබැයි ඔටෝ ගියර් වාහන වල නම් නියමිත විදිහට ගියර් ඔයිල් තියනවද කියලත් තහවුරු කර ගන්න ඕනේ.
<http://imageshack.com/a/
6 පවර් ස්ටීරියන් ඔයිල්
පවර් ස්ටීරියන් තියන වාහනයක නම් මේවත් බලන්න ඕනේ. හැබැයි නිතරම නෙවෙයි. රෝද කපන්න අමාරු වුනොත් හරි, කපනකොට අමුතු සද්දයක් ආවොත් හරි ඉක්මනින්ම පවර්ස්ටීරියන් ඔයිල් බලන්න. නැත්තං පවර්ස්ටීරිං පොම්පෙ සව්ත්තු වෙන්න පුලුවන්.
<http://www.freeautomechanic.
මතක තියා ගන්න බොනට් එක ඇරියම තියන පොඩි පොඩි සුදු හෝ කහපාටට හැරුණු කෑන් වල මින් මැක්ස් කියලා සිංහලෙන්ම ගහලා තියන්නේ ජොලියට නෙවෙයි. <http://www.elakiri.com/forum/
වාහනේ නවත්තල තියන තැනින් එලියට ගන්නකොට බිම තෙල් තියනව නම් සැලකිලිමත් වෙන්න. මොනව හරි තෙල් වර්ගයක් ගිහින් නම් කට්ටක් හා වියදමක් අතලග කියලා හිතන්න. එහෙම හිතලා කට්ට කන කන් බලාගන ඉන්නේ නැතව අදාල තෙල් වර්ගය මොකකද් බලලා ඒව දාලා, ගැරජ් එකකට ගෙනිහින් දෝශය නිරාකරණය කර ගන්න.
7 වතුර
වාහනේ ස්ටාට් කරන්න කලින් රේඩියේටර් එකේ උඩ මූඩිය ඇරලා වතුර තියනවද බලන්න. ටිකක් හරි මදි නම් ඒකට අවශ්‍ය ප්‍රමානයට වතුර දාන්න. සර්විස් එකේදි රේඩියේටර් එකට කූලන්ට් දාලා තියන නිසා මදි පාඩුවට වතුර දාගත්තට කමක් නෑ. නැතුව රේඩියේටර් එකක් වතුරෙන් විතරක් පුරවන්න හොද නෑ. වතුර බලලා ඉවර වෙලා රේඩියේටර් එකේ මූඩිය හොදින් තද කරන්න. නැත්තං බොයිල් කරන්න ගනී. ( වාහනේ රත් වෙච්ච වෙලාවක නම් මේක ගලවන්න යන්න එපා, වාෂ්පෙට මූන අතපය පිච්චිලා යයි. <http://www.elakiri.com/forum/
රේඩියේටර් එකට වතුර සපයන අමතර ටැංකියෙත් නිවැරදි මට්ටමට වතුර තියනවද බලන්න.
<http://128.199.177.225/wp-
එහෙනම් හැමදාම කරන්න ඕනෙ දේවල් මෙහෙම සිහිපත් කරන්නම්
1 රෝදවල හුලං ඇද්ද බලන්න - හුලං නැතුව ගියොත් ටයර් සව්ත්තු වෙනවා, ඒවගේම හුලං ප්‍රමාණය අඩු නම් තෙල් පිච්චෙනවත් වැඩී.
2 රේඩියේටරයේ වතුර බලන්න.
3 තෙල් හෝ ඉන්දන කාන්දුවෙලාද බලන්න.
4 එන්ජින් ඔයිල් ප්‍රමාණය බලන්න.
සතියකට සැරයක් හරි දුර ගමනක් යන්න කලින් හරි මේදේවල් බලන්න
1 බ්‍රෙක් ඔයිල් ඔයිල් ආදිය බලන්න.
2 නියමිත පරිදි විදුලි බල්බ වැඩකරනවද බලන්න.
3 වින්ඩ්ස්ක්‍රීන් වලට එන වතුර ඇතිද බලන්න.
4 ෂෙඩ් එකකින් හරි ටයර් කඩේකින් හරි රෝදවල වායු පීඩනය නිවැරදිද බලන්න
මාස 6 කට වරක් හෝ කිලෝමීටර් 5000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 එන්ජින් ඔයිල් ඉවත් කරලා අලුතින් දාන්න. (සර්විස් එකකින් පුලුවන්) මෙතනදි ඔයිල් ෆිල්ටර් එක අලුතින් දාගන්න පුලුවන්.
2 රෝදවල ඇන බුරුල් වෙලාද බලන්න.
මාස 6 කට වරක් හෝ කිලෝමීටර් 10,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 ඉන්දන ෆිල්ටර් එක පිරිසිදු කරන්න
2 බ්‍රේක් ෆෑඩ් ගෙවිලද බලන්න
3 රෝද වල එලයිමන්ට් එක බලාගන්න පුලුවන් නම් හොදයි.
මාස 12 කට වරක් හෝ කිලෝමීටර් 20,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 ඉන්දන ෆිල්ටර් එක අළුතින් යොදන්න
2 රේඩියේටර් එකේ රබර් බට පරීක්ෂා කරන්න.
3 ගියර් ඔයිල් මට්ටම නිවැරදිද බලන්න.
4 ප්ලග් හෝ ඉන්ජෙක්ටර් පරීක්ෂා කරන්න
5 සෙන්සර් පද්ධතිය නිවැරදිද කියලා ස්කෑන් පරික්ෂණයකින් තහවුරු කර ගන්න.
මාස 24 කට වරක් හෝ කිලෝමීටර් 40,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 එයාෆිල්ටර් එක අලුතින් දාන්න.
2 රේඩියේටර් එකේ වතුර සම්පූර්නෙන් අයින් කරලා අලුතින් කූලන්ට් දාන්න.
මාස 36 කට වරක් හෝ කිලෝමීටර් 60,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 බ්‍රේක් ඔයිල් අලුතින් දාන්න
2 ඉන්ජෙක්ටර් වල පීඩනය සකස් කරන්න
මාස 60 කට වරක් හෝ කිලෝමීටර් 100,000 කට සැරයක් කරන්න ඕනෙ දේවල්
1 ටයිමින් බෙල්ට් අලුතින් යොදන්න.
රෝදයක් මාරු කරනකොට සැලකිලිමත් වෙන්න ඕනෙ දේවල්
1 ඇන බුරුල් කරලා, ඊට පස්සේ ජැක් එක ගහලා ඇන ගලවන්න.
2 ලෙවල් පොලවක විතරක් ජැක් එක රද වන්න.
3 යටට රිංගනව නම්, ජැක් එකට අමතරව ලී කොටයක් වත් හිර කරලා ඉන්න.
වෙන සැලැකිලිමත් වෙන්න ඕනෙ දේවල්
1 ටයි දාගෙන කොන්ඩෙ කඩාගෙන ස්ටාට් එකේ තියන වාහනේ ඇතුලට එබෙන්න එපා
2 වාහනේ රත් වෙච්ච වෙලාවක රේඩියේටර් පියන අරින්න එපා
3 සර්විස් එකකදි වත් එන්ජින් එක ගොඩක් රත්වෙලා තියද්දි තෙල් ඉවත් කරන්න දෙන්න එපා. මොකද එන්ජින් එක උඹලගෙනේ.
4 සම්පූර්ණයෙන් වහලා තියන ගැරජ් එකක ඉදන් කවදාවත් වාහනේ ස්ටාට් කරන්න එපා.
5 බැටරිය ගැලවීමේදී මුලින්ම - අග්‍රය ගලවන්න. සවි කිරීමේදී මුලින්ම + අග්‍රය සවි කරන්න.
මේ පහළ තියන ටික අපේ රත්තරං සහෝදරයා දුන්න උපදෙස් මහන්සි නොබලා මේ උපදෙස් ටික පෝස්ට් කළාට රත්තරං සහෝදරයාට ස්තූතී.
<http://www.elakiri.com/forum/
1. වාහනය ගෙදර ගරාජ් එකේ ස්තිරව නවත්තලා තියෙනකොට හෑන්ඩ් බ්‍රේක් ඇදල තියන්න එපා. ඔටෝ එකකනම් P එකේ හෝ මැනුවල් එකක් නම් ෆස්ට් එකේ තියන්න. පරන වාහන වල බ්‍රේක් බදනවා... කෝපි බීලා ටොයිලට් ගියා වගේ තමා <http://www.elakiri.com/forum/
2. වාහනේ කවදාවත් කවරෙකින් වහන්න එපා. ඕවට උන හෙම්බිරිස්සාව හැදෙන්නේ නෑ පොරවන්න. කවරෙකින් වැහුවහම ඒක පේන්ට් එකට ටච් වෙලා වෙන හානිය වැස්සට තෙමෙනවට වඩා වැඩී
3. ලංකාවේ මේ කාලේ වහින්නේ ඉතිහාසේ වැස්සටත් වඩා දාරානිපාත වැහි. වාහන තද වැස්සේ දාවනය හැකිතාක් අවම කරන්න
4. වයිපර් බ්ලේඩ් කොප්පරා කෑලි වගේ වෙනකම් ඉන්නේ නැතුව අතගාලා බලලා කලු පාට කුඩු කැඩෙනවනම් මාරු කරල දාන්න. වීදුරුව පරිස්සම් වෙනවා.
5. නිතරම වයිපර් බ්ලේඩ් පිරිසිදු කරන්න. එක දිගට නවත්තලා තියෙනවනම් වයිපර් උස්සලා තියන්න
6. අව්වේ නවත්තනකොට වීදුරු සෙන්ටිමීටර භාගයක් විතර බාන්න. එකක් දෙකක් ඇරියහම ඇති. නැත්නම් එනකොට වාහනේ නැතිව තියෙයි
7. ඔය අලුත් කාර් වල තියෙන බල්බ් සේරම ගලවලා විසිකරල LED දාපල්ලා. ගානත් අඩුයි කල් පැවැත්මත් හොදයි බැටරියටත් හොදයි
8. අලුත් කාර් වල බෆර් වල පොඩි සීරීමක් උනාම පිස්සුවෙන් වගේ ගිහින් පේන්ට් කරන්නනම් එපා. පොටි අදිනවා කියන්නේ ඒ බෆර් එක එතනින් ඉවරයි. ආයේ යන්තම් හෙලවුනත් පුපුරු ගහනවා. ඒ නිසා බෆර් වගේ ඒවා පොටි ඇදලා පේන්ට් කරද්දි කරන්න ඕනෙමද කියලා දෙපාරක් හිතන්න
9. SUV හැර අනෙක් කාර් කැඩිච්ච පාරවල් වල දාද්දිනම් හොදට හිතපල්ලා. ඔය ඇලියොන් ප්‍රෙමියෝ ගල් ගොඩක ගියත් සැප උනාට මුලු කාර් එකම ඉවරයි
10. පෙට්‍රල් ගහද්දි ෆුල් ටෑන්ක් ගහලා 1/4 අඩු වෙද්දි ආයේ ගහන්න පුරුදු වෙන්න. අලුත් ඒවගේ පෙට්‍රල් පම්ප් එහෙම ගිල්ලලා තියෙන්නේ. ඒ නැතත් ෆුල් ටෑන්ක් ටු ෆුල් ටෑන්ක් ගහද්දි වාසි ගොඩයි
11.1 ලක්ශෙන් විතර බ්‍රේක් ලයිනර් / ශූස් දාන වෙලාවක ඒවා ඔබල නිකන් ඉන්නේ නැතුව ඩ්‍රම් ඩිස්ක් පේස්ට් කරන්න. අනිවාරෙන් මේක කරන්න ඕනේ. ඒ ගමන්ම බ්‍රේක් සිලින්ඩර් සේරම හොදට බලන්න ලාවට ලීක් එහෙම තියෙනවද කියල.
11.2 වාහනවල බ්‍රේක් සිලින්ඩරෙන් හුලන් යවද්දි බාස්ලා ඔටුවෝ වගේ නිපල් එකට යතුර තියල නිකන් කරකවනවනම් ගනිල්ලා වීල් බ්‍රස් එක අතට. අනිවාරෙන් නිපල් එකට රබර් බට කෑල්ලක් ගහලා කරන්න කියන්න. ඇලෝවීල්වල බ්‍රේක් ඔයිල් විසිවෙන ඒවා රැදිල තිබොල වැටුනොත් ඉවරයි
12. අබ ගස් යට නවත්තන්න එපා. වව්ලෝ ඉන්න ගස් යට නවත්තන්න එපා. කුරුල්ලෝ ජරා කරන තැන්වල නවත්තන්න එපා. මගේ එකේ බොනට් එක උඩ තියෙනවා කුරුල්ලෙක් ජරාකරපු පාරක්. රබින් කම්පවුන්ඩ් වලින් කපලත් ගියේ නෑ
13. කාර් එක නිතරම යට වදිනවනම් බේරන්නම බැරිනම් ස්පේසර් හතරක් දාපල්ලා.
14. රේඩියේටරේ කාලයක් යද්දි ගලවලා ෆ්ලශ් කරලා දාපල්ලා
15.ෆියුස් ගිහාම එහෙම බොරුවට සේරම ගලව ගලව බලලා සොකට් බුරුල් කරගන්න එපා. පෙට්ටියේ කවරෙන් බලලා අදාල ෆියුස් එක විතරක් ගලවලා දාන්න
16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.
17. සර්විස් එකටම රින්ගන්න එපා වාහනේ හෝදන්න, බූමිතෙල් දාලා අතුල්ලලා හයිප්‍රෙශර් ගහනවා කියන්නේ පේන්ට් එක ඉවරයි. කාචර් හරි බ්ලැක් ඇන්ඩ් ඩෙකර් හරි ප්‍රෙශර් ගන් එකක් අරන් ගෙදර වැඩකරන එකාට කියල හෝදන්න, එහෙම කෙනෙක් නැත්නම් තමන් හෝදගන්න
18. විශේශෙන්ම - ඇන්ජිම කියන්නේ ඇන්ජිම. ඕක හෝදන්න සුද්ද කරන්න යන්න එපා. ඔයිල් ග්‍රීස් දූවිලි තිබුනාවේ. ඒවා තියෙද්දි දුවන්න, සුද්ද කරන්න එපා
මේ උපදෙස් ටික නිසා පෝස්ට් එකේ වටිනාකම ගොඩක් වැඩි වුනා කියලා හිතනවා.
Monday, November 3, 2014
Nokia Important codes
►►NOKIA Phones වල ඔබ නොදත් රහසිගත Codes...
►NOKIA Phones පාවිච්ච් කරන හැමෝම මේ ලිපිය අනිවා කියවන්න.මේතියෙන හැම Code එකක්ම හැම Phone එකකටම හරියන්නේ නැති බවමතක තියා ගන්න.
►ඔන්න එහෙනම් දැන් ඉදන් Codes Set එක කියවල බලන්නකෝ.අත්හදාබලන්නත් අමතක කරන්න එපා
►Main Screen එකේ තියෙනකොට තමයි මේ Codes සේරම ගහන්නඕනේ!
1. *#06# IMEI -අංකෙ හොයාගන්න.(International Mobile Equipment Identity)
2. *#7780# Phone- එකේ සේරම Settings Reset කරන්න.
3. *#67705646# -Operator Logo එක අයින් කිරීමට.(ඒ කියන්නේ අරඑකේ ඉස්සරහ Main Screen එකේ Companyයේ නම වැටෙනඑක"Mobitel,Dialog,Airtel, Hutch" )
5. *#0000# -Phone එකේ Install කරලා තියෙන Software Version එකහොයාගන්න
6. *#2820# -Phone එකේ Blutooth Address එක හොයාගන්න
7. *#746025625# - SIM එකෙන් වෙලාව හදන එක On/Off කිරීමට
8. *#62209526# - MAC Address එක හොයාගන්න(N80 වැනි අලුත්Phone වල පමණයි)
9. #pw+1234567890+1# - SIM එකෙන් සීමා පැණවීම් ඇත්නම් පෙන්වයි
*#7328748263373738# - Security Code එක Reset කිරීමට(Default Security Code එක 12345)
10. *#92702689# - මේ එක ගැහුවම පහත ඒවා දැන ගන්න පුලුවන්
Serial Number එක
Phone එක හදපු මාසය සහ අවුරුද්ද
Phone එක ගත්තු දවස සහ තැන (ඇතුළත් කර ඇත්නම් පමණයි )
අන්තිමට Repair කරපු දවස
Phone එක භාවිතා කළ කාලය
මේ Codes Set එකත් Check කරලා බලන්නකෝ....හැබැයි මේව නම්Internet තියෙන Nokia Phones වලට විතරයි
11. *#3370#- Signal ඇල්ලීමේ හැකියාව වැඩි කරයි.(මෙම Option එකEnable කළ විට Phone එකේ Battery ඉක්මනින් බසී ).
12. *#3370* -මේක ගැහුවම Signal ඇල්ලීමේ හැකියාව අඩු වේ. Phoneඑක Restart වේ. Battery පවතින කාලය වැඩි වේ.
13. *#4720#-Signal ඇල්ලීමේ හැකියාව සාමාන්‍ය මට්ටමේ පවත්වා ගනී.මේCode එක Deactivate කරන්න *#4720* ගහන්න.
►පමණක් Phones වලට දාන්න පුලුවන් එක වර්ගෙක SIM විතරනම් පහතවිදියට වැඩේ කරල ඕනම SIM එකක් දාන්න පුලුවන් විදියට හදා ගන්න.
►►Support කරන්නේ නැති SIM එක දාන්න
►Phone එක On කරන්න
►සද්දය වැඩි කිරීමේ Buttomn එක(Arrow Keys) තත්පර 3ක් ඔබාගෙනඉන්න
►එතකොට PIN Code එක ඉල්ලුවාම PIN Code එක දෙන්න
►C Button එක Press කරන්න.(අර රතු පාට එක )
►* Button එක Press කරන්න
►එතකොට Message එකක් ඒවී.ආපහු * Press කරන්න.
►ඊට පස්සෙ මේ Code එක ගහන්න 04*pin*pin# (ඔය PIN කියලා තියෙනතැනට දෙන්න ඕන PIN Number එක හොදේ).
►අමතක කරන්නේ නැතුව අනිත් අයටත් share කරන්න
►NOKIA Phones පාවිච්ච් කරන හැමෝම මේ ලිපිය අනිවා කියවන්න.මේතියෙන හැම Code එකක්ම හැම Phone එකකටම හරියන්නේ නැති බවමතක තියා ගන්න.
►ඔන්න එහෙනම් දැන් ඉදන් Codes Set එක කියවල බලන්නකෝ.අත්හදාබලන්නත් අමතක කරන්න එපා
►Main Screen එකේ තියෙනකොට තමයි මේ Codes සේරම ගහන්නඕනේ!
1. *#06# IMEI -අංකෙ හොයාගන්න.(International Mobile Equipment Identity)
2. *#7780# Phone- එකේ සේරම Settings Reset කරන්න.
3. *#67705646# -Operator Logo එක අයින් කිරීමට.(ඒ කියන්නේ අරඑකේ ඉස්සරහ Main Screen එකේ Companyයේ නම වැටෙනඑක"Mobitel,Dialog,Airtel,
5. *#0000# -Phone එකේ Install කරලා තියෙන Software Version එකහොයාගන්න
6. *#2820# -Phone එකේ Blutooth Address එක හොයාගන්න
7. *#746025625# - SIM එකෙන් වෙලාව හදන එක On/Off කිරීමට
8. *#62209526# - MAC Address එක හොයාගන්න(N80 වැනි අලුත්Phone වල පමණයි)
9. #pw+1234567890+1# - SIM එකෙන් සීමා පැණවීම් ඇත්නම් පෙන්වයි
*#7328748263373738# - Security Code එක Reset කිරීමට(Default Security Code එක 12345)
10. *#92702689# - මේ එක ගැහුවම පහත ඒවා දැන ගන්න පුලුවන්
Serial Number එක
Phone එක හදපු මාසය සහ අවුරුද්ද
Phone එක ගත්තු දවස සහ තැන (ඇතුළත් කර ඇත්නම් පමණයි )
අන්තිමට Repair කරපු දවස
Phone එක භාවිතා කළ කාලය
මේ Codes Set එකත් Check කරලා බලන්නකෝ....හැබැයි මේව නම්Internet තියෙන Nokia Phones වලට විතරයි
11. *#3370#- Signal ඇල්ලීමේ හැකියාව වැඩි කරයි.(මෙම Option එකEnable කළ විට Phone එකේ Battery ඉක්මනින් බසී ).
12. *#3370* -මේක ගැහුවම Signal ඇල්ලීමේ හැකියාව අඩු වේ. Phoneඑක Restart වේ. Battery පවතින කාලය වැඩි වේ.
13. *#4720#-Signal ඇල්ලීමේ හැකියාව සාමාන්‍ය මට්ටමේ පවත්වා ගනී.මේCode එක Deactivate කරන්න *#4720* ගහන්න.
►පමණක් Phones වලට දාන්න පුලුවන් එක වර්ගෙක SIM විතරනම් පහතවිදියට වැඩේ කරල ඕනම SIM එකක් දාන්න පුලුවන් විදියට හදා ගන්න.
►►Support කරන්නේ නැති SIM එක දාන්න
►Phone එක On කරන්න
►සද්දය වැඩි කිරීමේ Buttomn එක(Arrow Keys) තත්පර 3ක් ඔබාගෙනඉන්න
►එතකොට PIN Code එක ඉල්ලුවාම PIN Code එක දෙන්න
►C Button එක Press කරන්න.(අර රතු පාට එක )
►* Button එක Press කරන්න
►එතකොට Message එකක් ඒවී.ආපහු * Press කරන්න.
►ඊට පස්සෙ මේ Code එක ගහන්න 04*pin*pin# (ඔය PIN කියලා තියෙනතැනට දෙන්න ඕන PIN Number එක හොදේ).
►අමතක කරන්නේ නැතුව අනිත් අයටත් share කරන්න
Subscribe to:
Posts (Atom)