Wednesday, May 5, 2021

fridge repair

 ඔහු මට හමු වෙන්නේ අන්තර්ජාල දැන්වීමක් හරහා . දුරකතනයෙන් පොරොන්දුවූ පරිදි ඔහු ආවෙ අපේ නිවසේ තිබූ ශීතකරණය අක්රියවී "කාටහරි නිකන් දීලා දාලා අලුත් එකක් ගන්නවා "කියලා හිතාගෙන හිටපු එකක් නැවත හැකිනම් පාවිච්චියට ගන්න හිතපු නිසා.

ඔහු මුලින්ම දකිනකොට මගේ හිතේ ඇති වුණේ හරිම සානුකම්පිත හැඟීමක්. ගිනි ගහන මද්දහනේ ආරක්ශක ඇඳුම් ,හෙල්මට් ඇද, උරහිස් දෙකේම අවශ්ය ආම්පන්න බෑග් එල්ලාගෙන ( කුඩා ප්රමාණයේ ගෑස් සිලින්ඩරයක් පවා )සිටි නිසයි.
මුලින්ම ශීතකරණයේ ලෙඩේ මගෙන් අසාගත් ඔහු
" මිස් මම බලන්නම්කෝ ලෙඩේ මොකක්දකියලා". විනාඩි පහක් තුල එය පරීක්ශා කල ඔහු කීවේ එය සර්විස් කලයුතු බවත්, ඊට විනාඩි 45 ක් පැයක් පමණ ගතවිය හැකි බවයි.මිළ ගණන් සාකච්ඡා කරගත් පසු ඔහු වැඩේ ආරම්භ කලා.
විනාඩො 10-15 ක් තුල ෆ්රීසරයේ ෆෑන් එක ගලවා සෝදා තවත් මොනව හෝ ඉක්මණින් කර එය නැවත විදුලියට සම්බන්ධ කර
" දැන් මිස් වැඩේ හරි ආයෙත් එහෙම වෙන්නේ නැහැ " යැයි කිව්වහම මට හිතෙන් එකපාරට විශ්වාස කරන්න බැරි වුණා .
අද කාලේ ඉන්නේ මොනවා හරි බොරුවක් කරල කාගේ හරි කියක් හරි අතට කරගෙන යන මිනිසුන් ඒක නිසා. අනික සමහරු වැඩක් කරන්න පටන් ගත්තම බොරුවට කාලය නාස්ති කරන්නෙ එය කිරීමට අපහසු රාජකාරියක් බව පෙන්වා කීයක් හරි වැඩියෙන් කඩා ගැනීමේ කූඨ පරමාර්ථයෙන්නෙ.
මට විශ්වාස කරන්න බැරි වෙච්ච නිසා මම
"අයියේ මේ මං අයිස් කැට වෙන්න වතුර චුට්ටක් දාලා ටිකක් බලන්න ඕනෙ ඔයා හරියට වැඩේ කළාද කියලා ස්ථිර කරගන්න. පැය කාලක් තුල අයිස්කැට වේගෙන එනවා නම් බලලා මම ඔයාට සල්ලි ගෙවන්නම් " කියලා කිව්වත් ඔහු එතෙක් වත් රැදෙන්න ඉවසීමක් තිබුණේ නෑ. නොමනාපෙන් යන්න ගියේ මට ගිණුම් අංකය එවන්නම් එයට මුදල් ලැනෙන්න සලස්වන්න කියායි. වැඩි වෙලාවක් ගියේ නෑ. ෆ්රිජ් එක, ෆ්රීසර් එක වැඩ. මම ඔහුගේ ගිණුමට මුදල් බැර කරා.
කියන්න ඕනේ මේ මනුස්සයා ඔහු කරන රැකියාවෙ දක්ෂයෙක්. බොහොම අමාරුවෙන් ගොඩ යන්න වෙරදරන, සාධාරණ මනුස්සයෙක්. ඔහු මාළඹේ , අතුරුගිරිය ප්රදේශයේ පදිංචි කරුවෙක්. එක දුරකථන ඇමතුමකින් ක්රියාත්මකවී ඕනෑම ප්රදේශයකයට යන්න ලෑස්තිවී සිටින කෙනෙක්. ටයිල් ඇතිරීම,ගෘහ අලංකරණ කටයුතු,පිළිම ඇඹීම ඇතුලු ගොඩාක් දේ පිලිබදව දක්ශයෙක් . අපි ඔහුට උපකාරයක් වශයෙන් මේ පෝස්ට් එක ශෙයාර් කර සහයෝගයක් දක්වමු අපේ කෙනෙක්ගේ ජීවිතය සාර්ථක වේවායි ප්රාර්ථනා කරගෙන.
නමින් ඔහු මංජුල.
දුරකථන අංකය - 071) 214 5179

No comments: