Tuesday, May 19, 2020

Cancer veda

හැමොටම දැනගන්න ශෙයා කරන්න​
තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පසු මෙම අපූරු වෙද මහතාගේ නිවෙස අපට හමුවිය. නිවෙස ඉදිරිපිට බිත්තියේ “මිණිකිරණ වෙද මැඳුර” ලෙස සටහන් කර තිබිණි. පිළිකා රෝගය වැලඳී මරණයට කැප වන මිනිසුන්ට ජීවය දෙන මේ අපූරු වෙද මහතා නමින් සාමවිනිසුරු සිසිර ගමගේය. කවුරුත් දන්නේ තිස්සමහාරාමයේ වෙද මහතා කියු සැණින්ය. ඔහු පාරම්පරික සර්ප වෙද මහතකු වූ ඊ.කේ.ජී. ගුණසේකර මහතාගේ මහතාගේ පුතණුවන්ය.
“පිළිකාව නිට්ටාවට සුව කළ හැකියි කියලා අද වනවිට මං ඔප්පු කරලා තියෙනවා. මගේ ළඟට එන පිළිකා රෝගීන් මං මාස තුනක් හයක් අතර කාලයකින් සනීප කරලා තියෙනවා. පිළිකා රෝගියෙක් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත මුල්ම අවධියේම මා හමුවට ආවොත් එම රෝගියා මාසයක් වගේ කෙටි කාලයකින් සනීප කරනවා. මේ සඳහා භාවිත කරන්නේ පිටතින් ගල්වන ආලේපයක් විතරයි. මේ වනවිට ලෝකේ කොහේවත් නෑ පිටතින් ආලේප ගල්වලා පිළිකා සුව කරන ස්ථානයක්.
මේ සඳහා මා භාවිත කරන්නේ වස විස නොගෑවුණු දේශීය අමුද්‍රව්‍ය සහිත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. මං රෝගීන්ට කියන්නේ මා ළඟට එන විට අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියලා ලබා දෙන වෛද්‍ය වාර්තාව රැගෙන එන්න කියලා විතරයි. ඒ එන රෝගියාට මගේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු මාස තුනක් වගේ කාලයකින් නැවත පරීක්ෂණයක් පවත්වන්න කියලා මං කියනවා. එම අවස්ථාවේදී රෝගියාට පුළුවන් ඔහු කැමැති ඕනෑම වෛද්‍යවරයකු හමුවෙලා තමන්ට පිළිකාව තියේද නැද්ද කියලා පරීක්ෂා කරවාගන්න.
තාත්තාගේ අභාවයෙන් පසු අම්මාත් මාත් මේ වෙදකම සාමාන්‍ය පරිදි කරගෙන ගියා. මේ අතරවාරයේ මට හිතුණා පිළිකාව නසන බෙහෙතක් පිළිබඳව අත්හදා බලන්න. මට මගේ පියා මේ බෙහෙත ගැන කියලා දුන්නට ඒ පිළිබඳව පර්යේෂණයක් කරන්න බැරි වුණා. කොහොම හරි අවුරුදු 07ක් විතර මම මේ බෙහෙත පිළිබඳව අත්හදා බැලීම්වල නියැළුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද මා පිළිකාව නිට්ටාවට සුව කළ හැකි මේ බෙහෙත සොයා ගනු ලැබුවේ.
පිළිකාවක් හැදුණු ලෙඩෙක් කොච්චර වේදනාවක් විඳිනවාද, දුකක් විඳිනවාද කියලා අපි දන්නවා. නමුත් කන්න බොන්න බැරිව මරණාසන්න වෙලා මා ළඟට එන පිළිකා රෝගීන් දින 10ක් යනකොට හොඳට කන්න බොන්න පටන් ගන්නවා. මාස තුනත් හයත් අතර කාලයේදී පිළිකාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකෙදි මම කරන්නේ පිළිකා සෛල පැතිරී යෑම වළක්වා ඒ සඳහා සිරුරේ පිටතින් ආලේපයක් ගැල්වීම පමණයි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සිංහරාජ කැලයෙන් හා බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් තමයි හොයා ගන්නේ.
පිළිකාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්ත රෝගියෙක් වුණොත් මාසයක් හෝ දෙකක් වගේ කෙටි කලකින් රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ නැතත් පිළිකාවක් තියෙන රෝගියකු මම පරීක්‍ෂා කර බැලීමෙන් පසු මාස තුනත් – හයත් අතර කාලයකදී අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට පිළිකා රෝගීන් විතරක් 937 දෙනකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලා තියෙනවා.
ඒ අයගෙන් 524 දෙනකුගේ පිළිකා නිට්ටාවටම සුව කරලා තියෙනවා. ඒ අය අද ඉතා සතුටින් පවුල් ජීවිත ගෙවන අය. ඕනෑම කෙනකුට ඒ අය හමුවෙලා විස්තර දැනගන්න පුළුවන්. තවත් රෝගීන් 413 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අයගෙනුත් 128 දෙනකු මේ මස අවසන් වනවිට ප්‍රතිකාර අවසන් කරන අය. ඒ කියන්නේ පිළිකාව නිට්ටාවටම සුවවෙච්ච අය.
ඇතැම් රෝගීන් මගේ ළඟට එන්නේ රෝහලින් දැන් නම් මෙයාගේ කාලය ඉවරයි කියලා ගෙදර අරගෙන ගිය අයයි. නමුත් අද මැරෙන්න හිටිය රෝගීන් තමන්ගේ දෙපයින් නැඟිටලා ඇවිදලා යනවා දැක්කම මට තියෙන්නේ පුදුම සතුටක්. මේ එන රෝගීන්ගෙන් බෙහෙත් සඳහා පමණයි මා සුළු මුදලක් අය කරන්නේ. අසරණ නැති බැරි අයගෙන් මං ඒ මුදල් ගන්නෙත් නෑ. මට ඕනේ මගේ තාත්තා කරගෙන ආ වෙදකම තවදුරටත් පවත්වාගෙන යන්නයි. ඒ වගේම මං කියන්න ඕනෑ ඇතැම් අය මට දුරකථනය ඔස්සේ කතා කරලා අහනවා ඇත්තටම පිළිකාව සනීප කරන්න පුළුවන්ද අහනවා.
මං ඒ හැම කෙනකුටම කියන්නේ බය වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් පිළිකාව දේශීය වෙදකම මඟින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්. ඇවිත් බලන්න. ඇතැම් අය දුරකථනයෙන් කතා කරලා බෙහෙත් හදන විදියත් අහනවා. මට හැම දෙනාටම කියන්න තියෙන්නේ දුරකථනයෙන් නම් ප්‍රතිකාර කරන්න මට තවම පුළුවන්කමක් නෑ. මට පුළුවන් මගේ ළඟට එන රෝගීන් පරීක්‍ෂා කරලා බලලා එම රෝගියාගේ තත්ත්වයට හරියන විදියට ප්‍රතිකාර කරන්න විතරයි. බොහොම වගකීමෙන් කියනවා මගේ ළඟට එන පිළිකා රෝගීන් මාස හයක් යන්නට කලින් පිළිකාව නිට්ටාවට සුව කර දීමේ හැකියාවක් ඇති බව” යැයි පැවැසීය.
වෙද මහතාගෙන් පසු අප පිළිකා රෝගයෙන් පීඩා විඳි රෝගීන් කිහිදෙනකුම සොයා ගියේ මෙහි ඇති සත්‍යතාව පිළිබඳව තවදුරටත් පසක් කර ගැනීම සඳහාය.

No comments: