Friday, December 13, 2019

milk types


hela thuna paha

අවශ්ය ද්රව්ය :-
සුදු ළූණු 100g, අමු ඉඟුරු 100g, ගම්මිරිස් 100g, කොත්තමල්ලි 100g, කහකුඩු 10g, කරපිංචා 100g, පොඟවා මිරිකා ගත් වියළි ගොරකා 100g, සියඹලා 100g, කෝමාරිකා මදය 100g, මුරුංගා කොළ (වැට මුරුංගා)100g
ඒ ඒ ද්රව්යයන්ගේ ගුණ..
* සුදු ළූණු, අමු ඉඟුරු, ගම්මිරිස් - වාතය, පිත, සෙම නසාලයි.
* කොත්තමල්ලි - උෂ්ණත්වයට සිසිලසත්, සිසිලසට උෂ්ණත්වයත් ලබා දෙන ද්විත්ව ක්රියාකාරී එමෙන්ම ශරීරය තුළ සියලු අවයව වල බල වඩන මා හැඟි ඔසුවකි.
* කහ කුඩු - රුව වඩයි, විෂ නැසීමේ හැකියාව සහිතයි.
* කරපිංචා - ඇස්, ඉස්, මස්, නහර, අස්ථි ශක්තිමත් කරන ස්නායු පද්ධතිය ප්රකෘතිමත් කරන ඔසුවකි.
* ගොරකා - ඉස්, මස්, අස්ථි ශක්තිමත් කරයි.
* සියඹලා - රුචි වඩයි, බල වඩයි.
* කෝමාරිකා - රෝග නාශක ගුණ ඇති බලවත් ඔසුවකි.
* මුරුංගා - සයනයිඩ් වල පවා විෂ නැති කළ හැකි අද්විතීය ශාක ඔසුවකි.
🍁 වැඩිදුර අවබෝධයට :-
මෙයට තව දෙයක් එකතුවිය යුතුයි. එය නම් භූමාටයේ සිට දිව්ය ලෝක දක්වා බලය පැවැත්විය හැකි, ආහාර ජීර්ණය පද්ධතියේ සියලු විෂ නසාලිය කළ හැකි, මිනිස් උත්තේජනය 100%ක් කළ හැකි, මිනිස් චින්තනය පවා වෙනස් කිරීමට හැකි තරම් මහා ප්රභල රසායනික ගුණයක් අඩංගු ඖෂධයක් වන විජයා පත්ර නොහොත් ගංජා පැළෑටිය. මෙය පානය කිරීමේදී මත් වීම සිදු වුවත් ස්වල්පයක් කෑමට ගැනීමෙන් එසේ මත්වීමක් සිදු නොවේ.. මෙය හෙළ වෙදකම තුළ අතීතයේ භාවිතා කළ ප්රභල ඖෂධයක් වුවත් අවිධිමත් භාවිතය නිසා නීතියෙන් තහනමට ලක් වී ඇත.
♨️ හෙළ තුනපහ සකසන හැටි :-
කෝමාරිකා සුදු මදය හැර අනෙකුත් ද්රව්යයන් සියල්ල චූර්ණයක් (ඉතා සියුම්ව ක්රීම් එකක්) ලෙස වෙන වෙනම ගලේ අඹරා ගන්න.ඉන් පසු වෙන වෙනම අඹරාගත් සියල්ල කෝමාරිකා සුදු මදයෙන් නැවත වරක් එකට අඹරා ගෙන මෙම කල්කය සකසා ගන්න. මෙය සාදන අතරතුර කිසිම විටෙක මෙම මිශ්රණයට වතුර බිඳක්වත් එකතු නොකිරීමට වග බලා ගන්න. පොඟවා මිරිකා ගත් වියළි ගොරක වලින් එකතු වන වතුර ප්රශ්නයක් නැහැ. මෙම සාදාගත් තුනපහ මිශ්රණය ශීතකරණයක තබන්න එපා. ඔබ නියමාකාරයෙන් මෙය සකසා ගත්තේ නම් මෙම මිශ්රණය සති 3ක් පමණ කිසිවක් නොවී එළිමහනේ තබාගත හැකියි. මෙම තුනපහ සෑදීමට මිරිස් ගලක් මිස බ්ලෙන්ඩර් එකක් භාවිතා කරන්න එපා. මෙම මිශ්රණය බ්ලෙන්ඩර් කළවිට පුස් සෑදීමට ඇති ඉඩකඩ වැඩියි. එම නිසා ඉහත මිශ්රණය ගලේම අඹරා ගැනීමට වග බලා ගන්න. ( මෙම හෙළ තුනපහ මිශ්රණය අඹරා කල් තබාගැනීමේදී එයට වේලාසන ලුණු එකතු කරන්න එපා. ව්යංජනය සකසනවිට එම අවස්ථාවේදී පමණක් ලුණු එකතු කරගන්න.)
🔆 මෙම හෙළ තුනපහ ඔසුව භාවිතයට ගත හැකි ආකාර...
01. ආහාර පිසීමේදී මෙයින් තේ හැඳි තුනක් පමණ එකතු කරගන්න. වෙනත් තුනපහ මිශ්රණයන් යෙදීමට අවශ්ය වන්නේ නැහැ. අවශ්ය වුවහොත් පමණක් ලුණු සහ දෙහි ස්වල්පයක් එකතු කරගන්න.
මෙය තුනපහ මිශ්රණයක් ලෙස ආහාර වලට යෙදීම මඟින් උණ,හෙම්බිරිස්සාව, කැස්ස, කොන්ද කැක්කුම, අතපය කැක්කුම, බඩේ කැක්කුම, හන්දිපත්රුදාව, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ප්රෙෂර්, අර්ශස්, ආතරයිටිස් යන බොහෝමයක් ලෙඩ රෝග පාලනය වේ. ඇස් පෙනීම ඇතිවේ. කෙස් පැසීම නවතී. කෙස් ඇදීම සිදුවේ. ශරීරයේ සියලුම ක්රියාකාරී පද්ධතීන් නිසි ලෙස ක්රියාකාරිත්වයට පත්වීමෙන් ඔබ ස්වභාවයෙන්ම නීරෝගී වෙයි.
02. මෙම ඖෂධයට ලුණු බිංදුවක් එකතු කර රසම් එකක් ලෙස ඔබට පානය කළ හැකියි.
03. මෙම ඖෂධයෙන් නෙල්ලි ඇටයක ප්රමාණයක් ඔබ අනුභව කළහොත් එය හොඳ වේදනා නාශකයකි. ( පැනඩෝල් පෙත්තකින් ඔබ බලාපොරොත්තු වන වේදනාව සමනය වීම මෙන් ඊට වඩා කිහිප ගුණයක් හොඳින් ඔබට මෙමඟින් ලබාගත හැකියි.)
04. හන්දිපත් අමාරුව වැනි වාත වේදනා සහිත කෙනෙකුට මෙය බාම් එකක් වෙනුවට භාවිතා කළ හැකියි. මෙය කිහිප දිනක් භාවිතාකිරීමෙන් බාම් එකකින් නොලැබෙන අද්විතීය ගුණ ඔබට මෙමඟින් ලැබෙනු ඇත. ඔබම එය අත්දකින්න.
මෙය සකසා ගැනීමට එඬරු තෙල්, අබ තෙල් හෝ පස් තෙල් යන තෙල් වර්ග වලින් එකක් හෝ හැකිනම් තෙල් වර්ග තුනම ගෙන ඉහත හෙළ තුනපහ ඖෂධයෙන් නෙල්ලි ඇටයක ප්රමාණයක් මේස හැන්දට ගෙන එයට තෙල් ටිකක් දමා පිච්ච මල් පිහොට්ටුවෙන් රත්කරන්න. ( පිච්ච මල් පොහොට්ටුවෙන් රත් කිරීම යනු, පිච්ච මල් පොහොට්ටුවක් තරම් කුඩා දැල්ලකින් රත් කරන්න යන්නයි. මෙවැනි කුඩා දැල්ලක් සකසා ගැනීමට ඔබට ලයිටරයක් වැනි උපකරණයක් භාවිතා කළ හැකියි.) දැන් මෙම ඖෂධය හොඳින් පැහෙනකම් රත්කර ඔබට ඩප්පියක් වැනි කුඩා බඳුනක් තුළ මෙය ගබඩා කර භාවිතයට ගත හැකියි. ඉන්පසු ඔබ වේදනාව ඇති ස්ථානයේ මෙම ඖෂධය හෙමිහිට ගාන්න. තදින් අතුල්ලන්න එපා. ටික දිනක් දිගටම ගාන්න වේදනාව ටිකෙන් ටික පහ වී යයි.
05. තුවාලයක් හටගත් කෙනෙකු හෝ පණු කැවිලි, දද, කුෂ්ඨ, අලුහම්, සුදු කබර, පොතු කබර ආදී රෝග තත්වයන් ඇති කෙනෙක් තල තෙලින් ඉහත පරිදි පිච්චමල් පොහොට්ටුවෙන් රත්කර ඒ ඒ රෝගී ප්රදේශයන් වල ආලේප කරන්න. ඒ සමඟම මෙම හෙළ තුනපහ මිශ්රණයෙන් නෙල්ලි ගෙඩියක ප්රමාණයක් අනුභව කරන්න. මෙය අද්විතීය ඖෂධයකි.
නිරෝගීමත් හෙළ පරපුරක් බිහිකිරීම උදෙසා මෛත්රී සිතින් මෙම හෙළ තුනපහ වට්ටෝරුව නැවත ජාතියට දායාදකර දුන් හෙළවෙදදුරු අනෝජ්ද සිල්වා මහතාට සියලු පිං අත්වේවා!
( හෙළවෙදැදුරු අනෝජ්ද සිල්වා මහතාගේ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී.)
----------------------------------------------------------------------
හෙළයේ යට ගිය රාවණ ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමට මෙම ලිපිය කියවන්න.
https://m.facebook.com/story.php?story_fbid=1935655190062308&id=1839559759671852
.....................................................................
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #හෙළ_අරණ #facebook පිටුවට #Like කරන්න.

murunga guna

විශ්මිත ගුණ ඇති මුරුංගා …
🔴 ගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා වල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද?
=============================
🔶. ශාරීරික දුර්වලතා ඇති කරන රෝගීතත්වයක් හෝ කාය ශක්තිය හීන වන අවස්ථාවක මුරුංගා මඟින් නැවත එම දුර්වලතා මඟ හැර ශරීර ශක්තිය වර්ධනය කර ගත හැක. ඒ සදහා එවන් රෝග වැළදුන පුද්ගලයන්ට සහ කාය ශක්තිය වර්ධනය කරගත යුතු පුද්ගලයන්ට මුරුංගා හොදි හෝ මැල්ලුම් ආහරයට එක් කොට ගෙන තිබෙනවා.
🔶. එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිතව ක්රියා කරන මුරුංගා ආහාර ජීර්ණ ක්රියාවලිය ක්රමවත් කරනවා.
🔶. පණු රෝග රාශියක් සඳහා මුරුංගා ගුණ ගෙන දෙන අතර එවන් රෝග ඇති අය දිනපතා වුවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට එක් කරගැනීම ඉතා සුදුසුයි.
🔶. මුත්ර පද්ධතිය ආශ්රිත රෝග, මුත්රා ගල් ආදියට ද මුරුංගා ගුණ දායකයි.
🔶. හෘද රෝග වලට ගුණදායකයි.
🔶. අස්ථි වර්ධනයට අවශ්ය පෝෂක රැසක් මුරුංගා කොළ වල අඩංගුයි. මුරුංගා කොළ මැල්ලුම කුඩා ළමුන්ට සහ ගැබිනි මාතාවන්ට ඉතා ගුණදායකයි.
🔶. ඇදුම, කැස්ස වැනි රෝග තත්වයන් ට ද ගුණදායකයි.
🔶. සැරව ගලන තුවාල සුව කරගැනීමට ද
🔶. ශ්රවණ පද්ධතිය ආශ්රිත රෝග නිවාරණයට ද
🔶. අධික තරබාරු කමින් මිදිමට ද
🔶. කුරුලෑ ලප කැලැල් දහඩිය බිබිලි නැති කරගැනීමට ද
🔶. සෙම් රෝග සදහා ද
🔶. ඉදිමුම්, තැලුම්, වේදනා නාශනයට ද
🔶. විෂබීජ නාශකයක් ලෙස ද මුරුංගා ඉතා ගුණදායකයි.
🔵 නිරෝගිමත් සාර්ථක දිවියකට එකතු කරගනිමු...
=================================
🔷. මුරුංගා කොළ 60g කට වතුර 200ml ද ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර තම්බා පානය කරන්න. අස්ථි රෝග වලට ඉතාමත් ගුණ දායකයි. (මුරුංගා කොළ වල ප්රෝටීන , විටමින් C, විටමින් B, බීටා කැරොටින් ,කැල්සියම් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇත.)
🔷. මුරුංගා කොළ එළගිතෙල් හෝ බටර් සමග තෙම්පරාදු කර ආහාරයට ගැනීම අස්ථි රෝග මෙන්ම මුත්රා ගල් නැසීමට ද උපකාරී වේ.
🔷. මුරුංගා කොළ හොඳින් වියළා කුඩු කරගන්න. එය දිනපතා තේ සාදන ආකාරයටම පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ශ්රවණ පද්ධතිය ආශ්රිත රෝගවලට ගුණයක් ගෙන දේ.
🔷. අමු මුරුංගා කොළ කොටා ඉස්ම තේ හැදි දෙකක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්ර කර එම ද්රාවණය තැඹිලි ගෙඩියක වතුර සමග හොඳින් මිශ්ර කර දිනකට උදේ , දිවා , හවස ලෙස තෙවරක් පානය කරන්න.එමගින් ඔබේ ආහාර ජීරණ ක්රියාවලිය ආශ්රිත රෝග වලට සුවය ලැබී වඩා කාර්යක්ෂම ලෙස ආහාර ජීර්ණය සිඳු වේ.
🔷. මුරුංගා කොළ මිටක් අඹරා එයට මුදවපු කිරි මේස හැදි කිහිපයක් එක් කර දිනපතා උදෑසන හිස් බඩට අහාරයට ගන්න. එය ඔබට ගැස්ට්රයිටිස් රෝගයෙන් මිදිමට මනා උපකාරයක් වනු ඇත.
🔷. මුරුංගා ගසේ පොතු මිටක් ගෙන එයට වතුර පත 4ක් දමා 1ට සිදුවා උදේ භාගයක් සහ සවස භාගයක් ලෙස පානය කරන්න. එය මුත්රා ගල් දිය වීමටත්, හොඳින් මුත්රා පිටවීමටත්, මුත්රා දැවිල්ල නැති කිරීමටත් උපකාරී වේ.
🔷. කොහොඹ කොළ සහ මුරුංගා කොළ සමව ගෙන අඹරා දෙහි යුෂ ස්වල්පයක් මිශ්ර කොට නැවත අඹරා ඇඟ ගැල්වීමෙන් දහදිය බිබිලි යටපත් වී සුවයක් ලැබේ.
🔷. ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන අමු මුරුංගා පොතු යුෂයෙන් එය සියුම්ව අඹරන්න. (මුරුංගාදීලේපය) එය තැළුම්, ඉදිමුම් , වේදනා ඇති ස්ථාන වල ආලේපයෙන් සුවයක් අත් වේ.
🔷. මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ආලේපයෙන් අදාල ස්ථානයේ දෙඹර, බඹර, ගෝනුසු දෂ්ඨනයෙන් ඇති වූ විස නැසිය හැක.
🔷. මුරුංගා කොළ යුෂ තේ හැදි දෙකක් පුහුල් හෝ කැකිරි යුෂ වීදුවකට කවලම් කොට පානය කිරීමෙන් මුත්රා දැවිල්ල නැති වේ. හොඳින් මුත්රා පිට වේ.
🔷. මුරුංගා මුලේ පොත්ත කොටා මිරිකාගත් යුෂයට බුලත් කොළ යුෂ සහ අමු ඉඟුරු යුෂ තේ හැදි එක බැගින් ද මී පැණි තේ හැන්දක් පමණද එක් කර සති දෙකක් පමන පානය කරන්න. ඔබට උදේ සවස ඇතිවන සෙම් ගතිය පහව යනු ඇත.
🔷. ළපටි මුරුංගා ඇට මී පැණි සමග කෂායක් ලෙස පානයෙන් අධික තරබාරුව නැති කර ගත හැක.
🔷. මුරුංගා කොළ ස්වල්පයකට තල තෙල් සහ එළගිතෙල් ස්වල්පය බැගිම් මිශ්ර කර අඹරා ආලේපයෙන් සැරව ගලන තුවාල පිරිසිදු කර සුව කරගත හැක.
🔷. මුරුංගා ව්යංජන සහ මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත හැක.
🔷. මුරුංගා කරලේ ඇති ඇට වල අද්විතීය විෂබීජ නාශක ගුණය නිසා ඇතැම් රටවල අපවිත්ර ජලය පවිත්ර කිරීමට මුරුංගා ඇට යොදා ගන්නා බව ඔබ දන්නවාද....?
🔷. දරු සම්පත් සදහා මුරුංගා මල් හා කොළ එක් කර මුරුංගා තේ සාදන අකාරයට සාදා මී පැණි තේ හැන්දක් ස්මග නින්දට පෙර පානය කළ හැකිය.
මෙලෙස නිවසේ ඉතා පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා ඉතා ගුණදායක වෙයි. ස්වභාවික හේ ජීවිතයට එක්කර නිරෝගී ජීවිතයක් ගොඩනගාගන්න. එමගින් කෘතිම දේට යොමු වීම අඩු වී ඔබගේ මිල මුදල් ද නිරෝගී භාවය ද යන අංශ දෙකම රැකගත හැකියි.
👩‍⚕️ සටහන :- කවී යහතුගොඩ
( ආයුර්වේද වෛද්ය ශිෂ්යා - දේශීය වෛද්ය විද්යායතනය, කොළඹ විශ්ව විද්යාලය)
........................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ #facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

komarika drink

සිරුරට ඉතාම හිතකර ඖෂධයක් වූ කෝමාරිකා ආහාරය සඳහා යොදා ගන්නා බව නොරහසකි. කෝමාරිකා මගින් රසවත් වෑංජනයක් පමණක් නොව රසවත් පානයක් ද භාවිතා කළ හැකියි ඖෂධීය ගුණයෙන් ද ඉහළ මෙම කෝමාරිකා පානය සාදාගන්නා ආකාරය අප අද ඔබට පවසන්නයි යන්නේ..
+ තරමක ලොකු කෝමාරිකා පිති දෙකක්
+ වතුර වීදුරුවක්
+ ලෙමන් යුෂ
මුලින්ම කෝමාරිකා පිති දෙක සෝදා පිරිසිදු කරගන්න. පසුව එහි දෙපස දාරා පිහියකින් කපා ඉවත් කරන්න. දැන් එය සමාන කර කොටස් වලට කපා වතුර බඳුනක දමා පැය භාගයක් පමණ තබන්න. ටික වේලාවක් යන විට කෝමාරිකා ඇති තිත්ත වතුර බඳුන අවපැහැ වේ. පසුව එම කෝමාරිකා අවපැහැ වූ බඳුනෙන් ඉවත් කර නැවත වතුරෙන් සෝදා හරින්න. පසුව පිහියකින් දෙපැත්තේ ඇති පොත්ත ඉවත් කර කුඩා මාංශමය කැබිලි වෙන්කරන්න. පසුව ඊට වතුර මේස හැඳි දෙකක් පමණ එක් කර බ්ලෙන්ඩ් කරගන්න.
පසුව මෙයට වතුර හා දෙහි යුෂ එකතු කර අවශ්ය නම් සීනි ස්වල්පයක් ද දමා රසවත් පානයක් ලෙස සකසා දීමට එක් කරගත හැකියි.
සීනි නොදා පානය කිරීමද ඉතා ගුණදායකයි. විශේෂයෙන්ම සතියකට දින දෙකක්වත් මෙම පානය බීම සුදුසුයි. නමුත් පමණ ඉක්මවා පානය නොකිරීමට වගබලා ගත යුතුයි..
☘️ නිසි අයුරින් පානය කිරීම වටිනා #ඖෂධීය ප්රතිඵල උදා කරයි.
☘️ මෙම ඖෂධීය කෝමාරිකා පානය භාවිතා කිරීම තුලින් #වැළදෙන_රෝග_බොහොමයකින්_ආරක්ෂා_වීමට_උදව්වේ.
☘️ බහුතරයක් දෙනා පීඩා විඳින #අම්ලපිත්තය හෙවත් ගැස්ට්රයිටීස් රෝගයට ඉතා ගුණදායක පානයක් වන මෙය ශරීරයේ ඇති දැවිලි ගතිය නිවා දමයි.
☘️ තවද #පිළිකා නාශකයක් ලෙස මේ වන විට සොයාගෙන ඇති බව විශේෂත්වයක්.
☘️ #විටමින්_ඌනතාවය නිසා ඇතිවන රාත්‍රියේ #අන්ධභාවයට භාවිතා කරනු ලැබේ.
☘️ විටමින් A, C, D හා E ෆෝලික්, කොපර්මැග්නීසියම්, කැල්සියම්, පොටෑසියම් සින්ක්, යකඩ සංඝටක අන්තර්ගත නිසා ඌනතා මගහැර නිරෝගීභාවය ඇති කරයි.
☘️ ප්රෝටීන් බහුල ඖෂධීය ශාකයක් වන කෝමාරිකා පානයෙන් ප්රෝටින් ඌණතාවය මඟ හරවා ගත හැක.
☘️ මීට අමතරව #අක්ෂි_රෝගවලට මෙන්ම, #රක්තහීනතාවයට ද ප්රතිශක්තිය වර්ධනයට ද ඉතා ගුණ ඖෂධයකි.
☘️ රූපලාවණ්ය කටයුතු වලට බහුලව යොදා ගන්නා #කෝමාරිකා_පැහැපත්_බව_වඩවන පානයකි.
☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️ ☘️
🖋️ #අපි_ආයුර්වේද සමූහය
අශ්විනි මිරිහැල්ල

duvage hapankam

අම්මෝ මේක කවුරු ලිව්වද කියල නම් දන්නෑ.
අනිවා කියවන්න
~~~නික්ම යාම.~~~
"දවසක් උදේ මල්කාන්ති තම දුවගේ කාමරය අසලින් කුස්සිය දෙසට යන්නට ආවාය,
පුරුද්ද ට මෙන් දුවගේ කාමරය දෙස බැලූ ඇයට පුදුම හිතුනා. 🤔
වෙනදා වාගේ නැතිව පිළිවෙලකට අස්කරල තිබුණ ඇදේ හරියට ම මැදට වෙන්නට ලියුම් කවරයක්, මල්කාන්ති ලියුම අතට අරන් බැලුවා. ඒකේ ලියලා තිබුණේ ආදරණීය අම්මාට කියලයි. 😶
මේ නම් හරිම නරක ආරංචියක් කියල හිතපු මල්කාන්ති ගැහෙන අතින් ලියුම් කවරය විවෘත කරලා ලියුම දිගහැරලා කියවන්න පටන් ගත්තා. 😱
දැනටමත් දාඩිය බිදුවක් ඇගේ නළල දිගේ ගලාගෙන එනවා, " 😥
ආදරණීය අම්මා වෙත,
මම මේ ලියුම ලියන්නේ වාව ගන්න බැරි දුකෙන්. මට අම්මලාට කියන්න නරක ආරංචියක් තියෙනවා, 👀
මේක අහල කලබල වෙන්න එපා අම්මෙ. මම අද රෑ ජනක එක්ක යනවා, එහෙම කරන්නේ අම්මා තාත්තා එක්ක මේක කෙලින් කියන්න බැරි නිසයි, විකාර ඇදුම් ඇන්දාට කොන්ඩේ වවලා කනේ කරාබු දාල ඇගේ පච්ච කොටලා, ට්රේල් බයික් එකෙන් එන නිසා අම්මල එයාට රස්තියාදුකාරය කීවට ජනක නරක කෙනෙක් නෙවෙයි අම්මෙ.
එයා අම්මලා හිතනවට වඩා ගොඩාක් හොදයි, අනික අම්මලා කියන නිසාවෙන් මට එයාට අකමැති වෙන්න බෑ, මට එයාගෙන් බබෙක් ලැබෙන්න ඉන්නවා.
අම්ම්ලා කලබල වෙන්න එපා. ජනක කීවා මාවයි බබාවයි බලාගෙන අපිට සතුටින් ඉන්න පුලුවන් කියලා.
මමත් දැනගෙන හිටියේ නෑ එයාට තනමල්විල පැත්තේ හේනකුත් තියෙනවා , එකේ ලස්සන පැල්පැතකුත් තියෙනවාලු. ජනක කීවා අපිට එකේ ජීවත් වෙන්න පුලුවන් කියලා. හෙට අපි එහෙ යනවා. එයාලගෙ ලස්සන හේනෙ කට්ටිය 10-15 ක් විතර වැඩලු. ජනක කීවා ගංජා කියන්න්නෙ මිනිස්සු කියන විදිහේ නරක දෙයක් නෙවෙයි කියලා. ඒක ඖෂධයක්ලු. එයා කරන්නේ ඒවා හදලා විකුණන එක. 🤦‍♂
ටිකක් අපිට හෙරොයින් ගන්නත් මාරු කරන්න පුලුවන්ලු. ජනක කැමැති මාව බැදලා ළමයි ගොඩක් හදන්න. මටත් දැන් ඕන ඒක තමයි.
එයාට පොඩි අසනීපයකුත් තියෙනවා තමයි. එත් ඒක අපට සතුටින් ඉන්න බාධාවක් වෙයි කියල මම හිතන්නෑ. අපට ලොකු විස්වාසයක් තියෙනවා විද්යාව ඉක්මනින් දියුණු වෙලා ඒඩ්ස් සනීප කරන්න බෙහෙතක් හොයාගනී කියලා. එතකොට එයා ඉක්මනින් සනීප වෙයි.🤷‍♂
අම්මා කණගාටු වෙන්න එපා. තාත්තාටත් කියන්න මට දැන් වයස 18 වෙනවා කියලා. මට දැන් මන් ගැන බලාගන්න පුලුවන්. කවදාහරි අපි අම්මලාව බලන්න එනවා.
එතකොට ඔයාට මුණුබුරෙකුගෙ මූණ බලන්න පුලුවන්.
බුදු සරණයි..!
මීට ආදර දුව ආශා. 🤥
ලියුම කියවා අවසන් වන විට මල්කාන්ති කලාන්තය හැදී බිම වැටෙන්නට ඔන්න මෙන්න සිටියා ය. එහෙත් ලිපිය තවමත් අවසන් වී නැති බව දුටු ඇය ලිපිය දිගේ ඇස් යැව්වේ අවසිහියෙන් මෙනි. 😲
පසුව ලියමි.~~~
මම මේ ලියුමේ ලියල තියෙන කිසිදෙයක් ඇත්ත නෙවෙ. මම අල්ලපු ගෙදර ඉන්නවා. අපේ රිසාල්ට් අවුට් වෙලා. මට ඕන උනේ මගෙ මේසේ ලාච්චුවේ තියෙන රිසාල්ට් ෂීට් එකෙ තියෙන දේට වඩා ඕන තරම් මේ ලොකේ නරක දේවල් තියෙන බව ඔයාලට මතක් කරන්න .
මම ඔයාලට ආදරෙයි ...
මට ගෙදර එන්න පුලුවන් උනාම කෝල් කරන්න...
😂😂😂😂🤣🤣🤣🤣😁

Tuesday, June 4, 2019

Improves Vision and Liver Detoxification

Making your own vegetable juice at home is beneficial from a number of aspects. It is easy, inexpensive, and not to mention healthy in so many ways. Natural vegetable juice can do wonders and it is effective against inflammation in your body and yet so few people find the time to make it themselves.
However, for those of you who are willing to live healthier, there are plenty of juice recipes who are delicious, easy to make and highly nutritious.
Below is a simple juice recipe for a popular Venezuelan beverage called jugo tres en uno (three in one juice). It is tasty, refreshing, helps against inflammation, and you’ll only need an orange, beet, and carrots.

Orange, beet, and carrot juice recipe


Ingredients:

  • 4 organic oranges (any size)
  • 1 organic beet (any size)
  • 2 organic carrots (any size)
  • Optional: 1 tablespoon honey, liquid stevia, or any natural sweetener of your choice

Instructions:

  1. Wash, peel, and/or prepare the oranges, beet, and carrots, as desired.
  2. Place the oranges, beet, and carrots in a juicer and extract their juice, or you can even mix the ingredients in a blender to desired consistency.
  3. If prefer you can add natural sweetener.
  4. Serve immediately.
This recipe shouldn’t take up more than 5 minutes of your time.

Of course, you can change how many oranges, beets, or carrots you use in the recipe. You may, for example, use fewer oranges so that your beverage won’t be too sweet, and substitute those oranges with celery, which is packed with vitamin C but low in sugar. Also, to lower the effect on blood sugar, consume the beverage just before you ear and this will limit the release of glucose in your blood.

Oranges

Rich in potassium, vitamins C, B, and flavonoids (a kind of antioxidants), this juicy fruit is already popular for its many health-giving properties.
The flavonoids the orange contains eases chronic inflammation and wards off other chronic maladies such as osteoporosis, cardiovascular disease, cancer, and dementia.

Beets

Beets are packed with thiamine (vitamin B1), but are also rich in anti-inflammatory antioxidants, minerals like manganese, and nitrates. The beet’s antioxidants have been confirmed to help against inflammation and ease oxidative stress and can also be beneficial against chronic conditions such as high blood pressure and atherosclerosis.

Carrots

Carrots, like the previous two, is also packed with anti-inflammatory qualities and contains minerals like iron, potassium, and magnesium, and is rich in vitamin A and carotenes. Vitamin A, along with fighting inflammation, can sharpen your vision, especially in those who have a deficiency of this vitamin. Moreover, vitamin A maintains your eyesight through the years and deters any potential age-related eye disorders.