Friday, December 13, 2019

murunga guna

විශ්මිත ගුණ ඇති මුරුංගා …
🔴 ගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා වල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද?
=============================
🔶. ශාරීරික දුර්වලතා ඇති කරන රෝගීතත්වයක් හෝ කාය ශක්තිය හීන වන අවස්ථාවක මුරුංගා මඟින් නැවත එම දුර්වලතා මඟ හැර ශරීර ශක්තිය වර්ධනය කර ගත හැක. ඒ සදහා එවන් රෝග වැළදුන පුද්ගලයන්ට සහ කාය ශක්තිය වර්ධනය කරගත යුතු පුද්ගලයන්ට මුරුංගා හොදි හෝ මැල්ලුම් ආහරයට එක් කොට ගෙන තිබෙනවා.
🔶. එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිතව ක්රියා කරන මුරුංගා ආහාර ජීර්ණ ක්රියාවලිය ක්රමවත් කරනවා.
🔶. පණු රෝග රාශියක් සඳහා මුරුංගා ගුණ ගෙන දෙන අතර එවන් රෝග ඇති අය දිනපතා වුවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට එක් කරගැනීම ඉතා සුදුසුයි.
🔶. මුත්ර පද්ධතිය ආශ්රිත රෝග, මුත්රා ගල් ආදියට ද මුරුංගා ගුණ දායකයි.
🔶. හෘද රෝග වලට ගුණදායකයි.
🔶. අස්ථි වර්ධනයට අවශ්ය පෝෂක රැසක් මුරුංගා කොළ වල අඩංගුයි. මුරුංගා කොළ මැල්ලුම කුඩා ළමුන්ට සහ ගැබිනි මාතාවන්ට ඉතා ගුණදායකයි.
🔶. ඇදුම, කැස්ස වැනි රෝග තත්වයන් ට ද ගුණදායකයි.
🔶. සැරව ගලන තුවාල සුව කරගැනීමට ද
🔶. ශ්රවණ පද්ධතිය ආශ්රිත රෝග නිවාරණයට ද
🔶. අධික තරබාරු කමින් මිදිමට ද
🔶. කුරුලෑ ලප කැලැල් දහඩිය බිබිලි නැති කරගැනීමට ද
🔶. සෙම් රෝග සදහා ද
🔶. ඉදිමුම්, තැලුම්, වේදනා නාශනයට ද
🔶. විෂබීජ නාශකයක් ලෙස ද මුරුංගා ඉතා ගුණදායකයි.
🔵 නිරෝගිමත් සාර්ථක දිවියකට එකතු කරගනිමු...
=================================
🔷. මුරුංගා කොළ 60g කට වතුර 200ml ද ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර තම්බා පානය කරන්න. අස්ථි රෝග වලට ඉතාමත් ගුණ දායකයි. (මුරුංගා කොළ වල ප්රෝටීන , විටමින් C, විටමින් B, බීටා කැරොටින් ,කැල්සියම් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇත.)
🔷. මුරුංගා කොළ එළගිතෙල් හෝ බටර් සමග තෙම්පරාදු කර ආහාරයට ගැනීම අස්ථි රෝග මෙන්ම මුත්රා ගල් නැසීමට ද උපකාරී වේ.
🔷. මුරුංගා කොළ හොඳින් වියළා කුඩු කරගන්න. එය දිනපතා තේ සාදන ආකාරයටම පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ශ්රවණ පද්ධතිය ආශ්රිත රෝගවලට ගුණයක් ගෙන දේ.
🔷. අමු මුරුංගා කොළ කොටා ඉස්ම තේ හැදි දෙකක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්ර කර එම ද්රාවණය තැඹිලි ගෙඩියක වතුර සමග හොඳින් මිශ්ර කර දිනකට උදේ , දිවා , හවස ලෙස තෙවරක් පානය කරන්න.එමගින් ඔබේ ආහාර ජීරණ ක්රියාවලිය ආශ්රිත රෝග වලට සුවය ලැබී වඩා කාර්යක්ෂම ලෙස ආහාර ජීර්ණය සිඳු වේ.
🔷. මුරුංගා කොළ මිටක් අඹරා එයට මුදවපු කිරි මේස හැදි කිහිපයක් එක් කර දිනපතා උදෑසන හිස් බඩට අහාරයට ගන්න. එය ඔබට ගැස්ට්රයිටිස් රෝගයෙන් මිදිමට මනා උපකාරයක් වනු ඇත.
🔷. මුරුංගා ගසේ පොතු මිටක් ගෙන එයට වතුර පත 4ක් දමා 1ට සිදුවා උදේ භාගයක් සහ සවස භාගයක් ලෙස පානය කරන්න. එය මුත්රා ගල් දිය වීමටත්, හොඳින් මුත්රා පිටවීමටත්, මුත්රා දැවිල්ල නැති කිරීමටත් උපකාරී වේ.
🔷. කොහොඹ කොළ සහ මුරුංගා කොළ සමව ගෙන අඹරා දෙහි යුෂ ස්වල්පයක් මිශ්ර කොට නැවත අඹරා ඇඟ ගැල්වීමෙන් දහදිය බිබිලි යටපත් වී සුවයක් ලැබේ.
🔷. ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන අමු මුරුංගා පොතු යුෂයෙන් එය සියුම්ව අඹරන්න. (මුරුංගාදීලේපය) එය තැළුම්, ඉදිමුම් , වේදනා ඇති ස්ථාන වල ආලේපයෙන් සුවයක් අත් වේ.
🔷. මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ආලේපයෙන් අදාල ස්ථානයේ දෙඹර, බඹර, ගෝනුසු දෂ්ඨනයෙන් ඇති වූ විස නැසිය හැක.
🔷. මුරුංගා කොළ යුෂ තේ හැදි දෙකක් පුහුල් හෝ කැකිරි යුෂ වීදුවකට කවලම් කොට පානය කිරීමෙන් මුත්රා දැවිල්ල නැති වේ. හොඳින් මුත්රා පිට වේ.
🔷. මුරුංගා මුලේ පොත්ත කොටා මිරිකාගත් යුෂයට බුලත් කොළ යුෂ සහ අමු ඉඟුරු යුෂ තේ හැදි එක බැගින් ද මී පැණි තේ හැන්දක් පමණද එක් කර සති දෙකක් පමන පානය කරන්න. ඔබට උදේ සවස ඇතිවන සෙම් ගතිය පහව යනු ඇත.
🔷. ළපටි මුරුංගා ඇට මී පැණි සමග කෂායක් ලෙස පානයෙන් අධික තරබාරුව නැති කර ගත හැක.
🔷. මුරුංගා කොළ ස්වල්පයකට තල තෙල් සහ එළගිතෙල් ස්වල්පය බැගිම් මිශ්ර කර අඹරා ආලේපයෙන් සැරව ගලන තුවාල පිරිසිදු කර සුව කරගත හැක.
🔷. මුරුංගා ව්යංජන සහ මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත හැක.
🔷. මුරුංගා කරලේ ඇති ඇට වල අද්විතීය විෂබීජ නාශක ගුණය නිසා ඇතැම් රටවල අපවිත්ර ජලය පවිත්ර කිරීමට මුරුංගා ඇට යොදා ගන්නා බව ඔබ දන්නවාද....?
🔷. දරු සම්පත් සදහා මුරුංගා මල් හා කොළ එක් කර මුරුංගා තේ සාදන අකාරයට සාදා මී පැණි තේ හැන්දක් ස්මග නින්දට පෙර පානය කළ හැකිය.
මෙලෙස නිවසේ ඉතා පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා ඉතා ගුණදායක වෙයි. ස්වභාවික හේ ජීවිතයට එක්කර නිරෝගී ජීවිතයක් ගොඩනගාගන්න. එමගින් කෘතිම දේට යොමු වීම අඩු වී ඔබගේ මිල මුදල් ද නිරෝගී භාවය ද යන අංශ දෙකම රැකගත හැකියි.
👩‍⚕️ සටහන :- කවී යහතුගොඩ
( ආයුර්වේද වෛද්ය ශිෂ්යා - දේශීය වෛද්ය විද්යායතනය, කොළඹ විශ්ව විද්යාලය)
........................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ #facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.

No comments: