Friday, December 13, 2019

hela thuna paha

අවශ්ය ද්රව්ය :-
සුදු ළූණු 100g, අමු ඉඟුරු 100g, ගම්මිරිස් 100g, කොත්තමල්ලි 100g, කහකුඩු 10g, කරපිංචා 100g, පොඟවා මිරිකා ගත් වියළි ගොරකා 100g, සියඹලා 100g, කෝමාරිකා මදය 100g, මුරුංගා කොළ (වැට මුරුංගා)100g
ඒ ඒ ද්රව්යයන්ගේ ගුණ..
* සුදු ළූණු, අමු ඉඟුරු, ගම්මිරිස් - වාතය, පිත, සෙම නසාලයි.
* කොත්තමල්ලි - උෂ්ණත්වයට සිසිලසත්, සිසිලසට උෂ්ණත්වයත් ලබා දෙන ද්විත්ව ක්රියාකාරී එමෙන්ම ශරීරය තුළ සියලු අවයව වල බල වඩන මා හැඟි ඔසුවකි.
* කහ කුඩු - රුව වඩයි, විෂ නැසීමේ හැකියාව සහිතයි.
* කරපිංචා - ඇස්, ඉස්, මස්, නහර, අස්ථි ශක්තිමත් කරන ස්නායු පද්ධතිය ප්රකෘතිමත් කරන ඔසුවකි.
* ගොරකා - ඉස්, මස්, අස්ථි ශක්තිමත් කරයි.
* සියඹලා - රුචි වඩයි, බල වඩයි.
* කෝමාරිකා - රෝග නාශක ගුණ ඇති බලවත් ඔසුවකි.
* මුරුංගා - සයනයිඩ් වල පවා විෂ නැති කළ හැකි අද්විතීය ශාක ඔසුවකි.
🍁 වැඩිදුර අවබෝධයට :-
මෙයට තව දෙයක් එකතුවිය යුතුයි. එය නම් භූමාටයේ සිට දිව්ය ලෝක දක්වා බලය පැවැත්විය හැකි, ආහාර ජීර්ණය පද්ධතියේ සියලු විෂ නසාලිය කළ හැකි, මිනිස් උත්තේජනය 100%ක් කළ හැකි, මිනිස් චින්තනය පවා වෙනස් කිරීමට හැකි තරම් මහා ප්රභල රසායනික ගුණයක් අඩංගු ඖෂධයක් වන විජයා පත්ර නොහොත් ගංජා පැළෑටිය. මෙය පානය කිරීමේදී මත් වීම සිදු වුවත් ස්වල්පයක් කෑමට ගැනීමෙන් එසේ මත්වීමක් සිදු නොවේ.. මෙය හෙළ වෙදකම තුළ අතීතයේ භාවිතා කළ ප්රභල ඖෂධයක් වුවත් අවිධිමත් භාවිතය නිසා නීතියෙන් තහනමට ලක් වී ඇත.
♨️ හෙළ තුනපහ සකසන හැටි :-
කෝමාරිකා සුදු මදය හැර අනෙකුත් ද්රව්යයන් සියල්ල චූර්ණයක් (ඉතා සියුම්ව ක්රීම් එකක්) ලෙස වෙන වෙනම ගලේ අඹරා ගන්න.ඉන් පසු වෙන වෙනම අඹරාගත් සියල්ල කෝමාරිකා සුදු මදයෙන් නැවත වරක් එකට අඹරා ගෙන මෙම කල්කය සකසා ගන්න. මෙය සාදන අතරතුර කිසිම විටෙක මෙම මිශ්රණයට වතුර බිඳක්වත් එකතු නොකිරීමට වග බලා ගන්න. පොඟවා මිරිකා ගත් වියළි ගොරක වලින් එකතු වන වතුර ප්රශ්නයක් නැහැ. මෙම සාදාගත් තුනපහ මිශ්රණය ශීතකරණයක තබන්න එපා. ඔබ නියමාකාරයෙන් මෙය සකසා ගත්තේ නම් මෙම මිශ්රණය සති 3ක් පමණ කිසිවක් නොවී එළිමහනේ තබාගත හැකියි. මෙම තුනපහ සෑදීමට මිරිස් ගලක් මිස බ්ලෙන්ඩර් එකක් භාවිතා කරන්න එපා. මෙම මිශ්රණය බ්ලෙන්ඩර් කළවිට පුස් සෑදීමට ඇති ඉඩකඩ වැඩියි. එම නිසා ඉහත මිශ්රණය ගලේම අඹරා ගැනීමට වග බලා ගන්න. ( මෙම හෙළ තුනපහ මිශ්රණය අඹරා කල් තබාගැනීමේදී එයට වේලාසන ලුණු එකතු කරන්න එපා. ව්යංජනය සකසනවිට එම අවස්ථාවේදී පමණක් ලුණු එකතු කරගන්න.)
🔆 මෙම හෙළ තුනපහ ඔසුව භාවිතයට ගත හැකි ආකාර...
01. ආහාර පිසීමේදී මෙයින් තේ හැඳි තුනක් පමණ එකතු කරගන්න. වෙනත් තුනපහ මිශ්රණයන් යෙදීමට අවශ්ය වන්නේ නැහැ. අවශ්ය වුවහොත් පමණක් ලුණු සහ දෙහි ස්වල්පයක් එකතු කරගන්න.
මෙය තුනපහ මිශ්රණයක් ලෙස ආහාර වලට යෙදීම මඟින් උණ,හෙම්බිරිස්සාව, කැස්ස, කොන්ද කැක්කුම, අතපය කැක්කුම, බඩේ කැක්කුම, හන්දිපත්රුදාව, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ප්රෙෂර්, අර්ශස්, ආතරයිටිස් යන බොහෝමයක් ලෙඩ රෝග පාලනය වේ. ඇස් පෙනීම ඇතිවේ. කෙස් පැසීම නවතී. කෙස් ඇදීම සිදුවේ. ශරීරයේ සියලුම ක්රියාකාරී පද්ධතීන් නිසි ලෙස ක්රියාකාරිත්වයට පත්වීමෙන් ඔබ ස්වභාවයෙන්ම නීරෝගී වෙයි.
02. මෙම ඖෂධයට ලුණු බිංදුවක් එකතු කර රසම් එකක් ලෙස ඔබට පානය කළ හැකියි.
03. මෙම ඖෂධයෙන් නෙල්ලි ඇටයක ප්රමාණයක් ඔබ අනුභව කළහොත් එය හොඳ වේදනා නාශකයකි. ( පැනඩෝල් පෙත්තකින් ඔබ බලාපොරොත්තු වන වේදනාව සමනය වීම මෙන් ඊට වඩා කිහිප ගුණයක් හොඳින් ඔබට මෙමඟින් ලබාගත හැකියි.)
04. හන්දිපත් අමාරුව වැනි වාත වේදනා සහිත කෙනෙකුට මෙය බාම් එකක් වෙනුවට භාවිතා කළ හැකියි. මෙය කිහිප දිනක් භාවිතාකිරීමෙන් බාම් එකකින් නොලැබෙන අද්විතීය ගුණ ඔබට මෙමඟින් ලැබෙනු ඇත. ඔබම එය අත්දකින්න.
මෙය සකසා ගැනීමට එඬරු තෙල්, අබ තෙල් හෝ පස් තෙල් යන තෙල් වර්ග වලින් එකක් හෝ හැකිනම් තෙල් වර්ග තුනම ගෙන ඉහත හෙළ තුනපහ ඖෂධයෙන් නෙල්ලි ඇටයක ප්රමාණයක් මේස හැන්දට ගෙන එයට තෙල් ටිකක් දමා පිච්ච මල් පිහොට්ටුවෙන් රත්කරන්න. ( පිච්ච මල් පොහොට්ටුවෙන් රත් කිරීම යනු, පිච්ච මල් පොහොට්ටුවක් තරම් කුඩා දැල්ලකින් රත් කරන්න යන්නයි. මෙවැනි කුඩා දැල්ලක් සකසා ගැනීමට ඔබට ලයිටරයක් වැනි උපකරණයක් භාවිතා කළ හැකියි.) දැන් මෙම ඖෂධය හොඳින් පැහෙනකම් රත්කර ඔබට ඩප්පියක් වැනි කුඩා බඳුනක් තුළ මෙය ගබඩා කර භාවිතයට ගත හැකියි. ඉන්පසු ඔබ වේදනාව ඇති ස්ථානයේ මෙම ඖෂධය හෙමිහිට ගාන්න. තදින් අතුල්ලන්න එපා. ටික දිනක් දිගටම ගාන්න වේදනාව ටිකෙන් ටික පහ වී යයි.
05. තුවාලයක් හටගත් කෙනෙකු හෝ පණු කැවිලි, දද, කුෂ්ඨ, අලුහම්, සුදු කබර, පොතු කබර ආදී රෝග තත්වයන් ඇති කෙනෙක් තල තෙලින් ඉහත පරිදි පිච්චමල් පොහොට්ටුවෙන් රත්කර ඒ ඒ රෝගී ප්රදේශයන් වල ආලේප කරන්න. ඒ සමඟම මෙම හෙළ තුනපහ මිශ්රණයෙන් නෙල්ලි ගෙඩියක ප්රමාණයක් අනුභව කරන්න. මෙය අද්විතීය ඖෂධයකි.
නිරෝගීමත් හෙළ පරපුරක් බිහිකිරීම උදෙසා මෛත්රී සිතින් මෙම හෙළ තුනපහ වට්ටෝරුව නැවත ජාතියට දායාදකර දුන් හෙළවෙදදුරු අනෝජ්ද සිල්වා මහතාට සියලු පිං අත්වේවා!
( හෙළවෙදැදුරු අනෝජ්ද සිල්වා මහතාගේ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී.)
----------------------------------------------------------------------
හෙළයේ යට ගිය රාවණ ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමට මෙම ලිපිය කියවන්න.
https://m.facebook.com/story.php?story_fbid=1935655190062308&id=1839559759671852
.....................................................................
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #හෙළ_අරණ #facebook පිටුවට #Like කරන්න.

No comments: