Friday, June 19, 2020

Kem

අපෙන් ඈත්වන කෙම් ක්රම
කොස්, අඹ, දෙල්, තැඹිලි වැනි ශාකයක ඵලදාව පුපුරා තැලී කුණු වී යා නම් එම ගසේ ගෙඩි කඩා දෙකට, තුනට, හතරට පලා සැමට දර්ශනය වනසේ කථා නොකර ගස මුල විසුරුවා හරින්න. මෙය පලතුරු බෝග සඳහා අත්දුටු ප්රත්යක්ෂ කෙමකි.
පොල්ගස්වල පුහු ගෙඩි හට ගැනීම මෙන්ම පොල්ගස් නූපූදින කළ ද කථා නොකර උදෑසන පොල්ගසේ කඳ වටා පොල්ලෙලි මාලයක් සේ සකසා බඳිනු ලැබේ.
කැලෑවකදී ආරක්ෂාව පිණිස කැලෑවට ඇතුල්වීමට පෙර කථා නොකර අත්තක් කඩා ගසක එල්ලයි
කැලෑවකදී මං මුලා වැල් හෙවත් බැදි වැල් පයට පෑගුණ විට කැලෑව තුළ වල්මත් වී අතරමංව පාර සොයාගත නොහැකි වේ. එවැනි අවස්ථාවක කථා නොකර මදු වැලක් සොයා පෑගූ විට පහසුවෙන් ආපසු යෑමට පාර සොයාගත හැකිය.
අලි ඇතුන්ගෙන් වගාවලට මෙන්ම නිවෙස්වලටද මනුෂ්යයන්ටද වන හානි වළකා ගැනීමට අති දුර්ලභ මදාරා ගසේ කෝටුවක් හෝ ලීයක් ගෙන කථා නොකර ආරක්ෂා සහිත ස්ථානයක, දුරක සිට අලි ඇතුන්ට දර්ශනය කරන්න. අලි ඇතුන් මදාරා ලීයට බිය බැවින් ආපසු හැරී පලා යයි
කැලේදී ඉසේ ඇම්මක් ඇති වුවහොත් දෙඇස වසාගෙන කථා නොකර අතට අසුවුනු ගසක කොළයක් කඩා හොඳින් පොඩිකර නළල දෙපස ගානු ලැබේ.
කුහුඹුවන් පලවා හැරීමට විනාකිරි 1:3 අනුපාතයට ජලය සමඟ මිශ්රකර හිමිදිරි පාන්දර කුහුඹුවන් සිටින දෙසට කථා නොකර ඉසීම කළ යුතුවේ.
කුඹුරේ මීයන් මර්දනයට මීයන් තලා දැමූ ගොයම නියර මත දමා මල්වර වූ අවිවාහක තරුණියක ලවා පාගවන්න. මෙය පාවහන් රහිතව කථා නොකර කළ යුතුය
මීවද ඇති ඉසව් සොයා ගැනීමට බඳුනකට ජලය පුරවා ගස් දෙබලක තබන්න. මී මැස්සෝ එයට පියාසර කර පැමිණෙන දිශාව බලා මී වද ඇති ඉසව් තීරණය කළ හැක.
පැඟිරි වර්ගයේ ශාක
වගා කරනු ලබන දෙහි, ෙදාඩම් ඇතුළු ඒ ආශි්රත වගාවල පලදාව මුළුමනින්ම නොමැති නම් හෝ පලදාව අල්ප වශයෙන් ලැබේ නම් එම ගස මුලට හානි නොවන සේ ගිනි මැලයක් (දැල්වීම) අතු කප්පාදු කිරීම හෝ එම අතුවලට හිරිහැර කිරීම, අතුවල පොල් ලෙලි එල්ලීම කරන්න.
ගොයම් මැස්සන් එළවීමට
ගොයම් මැස්සන් ඇත්නම් කැන්ද අත්තක් ගෙන කුඹුරට ගොස් "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් 21 වරක් අත්තට මතුරා පසුව "කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් කුඹුර වටේ යමින් කුඹුරේ ඇති ගොයම් දෙසට අත්තෙන් ගසමින් කපු මහතුන් දේවාලයකදී මොනර පිහාටු එක්කර ඔබට ආශීර්වාද කරන ආකාරයට සිදු කරන්න.
අලුයම හිරු උදාවට පෙර කළ යුතු බවත් එවිට ගොයම් මැස්සන් එම කෙම් ක්රමය අනුව ඉවත් වන බවත් පැවැසේ. ඇතැම් විට මෙය කරනු ලබන අයගේ කුඹුරට මෙම ක්රමයෙන් ප්රතිඵල ලද විට අසල ඇති කුඹුරේද ඒ ආකාරයට ගොයම් මැස්සන් සිටී නම් නැවත ඒමට ඉඩ ඇති බැවින් සාමූහිකව තම තමන්ගේ කුඹුරුවල පවත්නා ගොයම් මැස්සන්ගෙන් සිදුවන වගා හානිය වළක්වා ගැනුමට ක්රියා කළ යුතුය.
වෙනත් කෘමි උවදුරුවලට
ගොඩ ගොවිතැන් කරන ගොවි මහත්වරුන්ටද වෙනත් කෘමි වර්ග නිසා ඇතිවන වගා හානිය වැළක්වීමටද මෙම ක්රමය උපයෝගී කර ගත හැකියි.
කතා නොකර කැන්ද අතු කිහිපයක් කඩාගෙන පැමිණ ඉතා පිරිසුදු භාජනයකට (වංගෙඩියකට) එම කොළ සියුම්ව කුඩා කැබැලිවලට කපා සකස්කර දමන්න. ඉන්පසු එයට අමුකහ ස්වල්පයක්ද එක්කර කොටා පසුව එම කොටාගත් මිශ්රණයට එකට දහය යන පරිමාවට වතුර මිශ්රකර වතුරේ හොඳට කලතමින් දිය කරන්න එසේ දියකර ගත් වතුර පෙහරන්කඩයක් උපයෝගී කරගෙන පෙරා පසුව තුන්වරක් හෝ 7 වරක් මේ ආකාරයට පෙරා සුදුසු භාජනයකට ගන්න.
ඉන්පසුව මස් මාංස අනුභව කිරීමෙන්, මත් පැන් පානය කිරීමෙන් වැළකී තමන් පිරිසුදුව සුදු වස්ත්රයකින් සැරැසී මල් බුලත් පුටුවක් සාදා ගෙන පෙරාගත් බඳුන ඒ මත තබා තෙරුවන් සිහිකර බුදුන්වහන්සේට පහනක් දල්වා පසුව ප්රදේශයට අධිපති දෙවියන් උදෙසා පහනක් දල්වා දේව මණ්ඩලයද සිහිපත්කර තෙරුවන් නැමද, රතන සූත්රය තුන් වරක් හෝ හත් වරක් කියා පසුව මහා මංගල සූත්රය, කරණීයමෙත්ත සූත්රය කියා දෙවියන්ට පින්දී මා මේ කරනු ලබන්නා වූ උතුම් කාර්යය සඳහා ඔබ වහන්සේගේ ආශීර්වාදයද ලැබ මෙම කෘමි උවදුරෙන් මාගේ, අපගේ කුඹුරට බලපා ඇති සියලුම දෝෂ දුරු කරදී ආරක්ෂාව යහපත උදාකර දෙනු මැනව කියා වැඳ නමස්කාර කර,
අම්බම් මැස්සෝ - බ්රම්මම් මැස්සෝ, ගැටවම් මැස්සෝ, පිලවම් මැස්සෝ, මැසි මදුරුවෝ පෝග පෝග ඒසවාහ-- කියමින් එම භාජනය තමන්ගේ මුඛය අසලට ළංකර ගතහැකි අන්දමට ගෙන සුවඳ කුඩු තමන්ගේ ඇඟිලි තුඩුවලට ගෙන මුඛයට ළංකර මෙම මන්ත්රය කියමින් එය අවසානයේ ගිනි කබලට එම ජීවම් කළ කුඩු දමමින් දුම් දෙමින් 108 වරක් මතුරා ගන්න. හැකිනම් කුඹුරේ නොපෑගුණු ස්ථානයකින් වැලි හෝ පස් හෝ (සියුම් ලෙස කුඩු කරගත යුතුය.) ගෙන ඒවාද මෙම මල් බුලත් පුටුවේ තබා ඒ සමඟම ජීවම් කරගන්න. පසුව පාන්දර හිරු උදාවීමට පෙර "කැන්ද කැන්ද ගනින් ගනින් ගනින්" කියමින් (තොල් මතුරමින්) කුඹුරට ඉසින්න. වැලි සහ පස්ද ඒ ආකාරයටම ඉසින්න. මෙම කෙම් ක්රම අනුගමනය කිරීමේදී තමා විසින්ම ඉතා කැපවීමකින් කරගත යුතු බව සිතන්න.
ඉහත සඳහන් කළ කැන්ද කොළවලට ග්ලිසිරීඩියා හෙවත් ඇතැම් ප්රදේශවල භාවිත කරන මැටි මාර කොළ සහ මල්ද මිශ්රකර කොටා ඒ ආකාරයට සකස්කර ගතහොත් මෙම කෘමි උවදුරට මීට වඩා ප්රතිකර්මයන් කිරීමට ඉඩ ඇති බවයි. ඒ පිළිබඳ ඔබගේ අවධානය යොමුකොට පළමුව සුළුවෙන් සකස්කර ගෙන සුළු ප්රමාණයකට ඉස ඒ පිළිබඳ අත්හදා බලන්න.
සතුන්ගේ උවදුරු නැසීමට
හේනට හෝ කුඹුරට අලි, ගෝන, වල් උෟරන්, මීමින්නන් ඇතුළු විවිධ සතුන්ගෙන් අලාභහානි කරයිද, කතා නොකර ගොක් කොළ රැහැන් කිහිපයක් ගෙන එම වන සතුන් එන මාර්ගවල තීරුවලට ඉරාගෙන මාර්ගය අහුරා ඇද දමන්න. මෙයද ඉපැරැණි කෙම් ක්රමයකි.
මී උවදුරට
මීයන් විශාල වශයෙන් බෝවීම නිසා හේනේ කුඹුරේ මෙන්ම ගොවි පෙළේද වගාවන්ට සිදුවන විනාශය අති විශාලය. කුඹුරේ ගැවසෙන මීයන් නිසා මී උණ වැනි භයානක රෝගයන්ටද ගොවි මහතුන්ට මුහුණදීමට සිදුව ඇත. එමෙන්ම නිවෙසේද පොත්පත්වලටද ඇඳුම් ආදියටද විවිධ ආහාරවලටද හානි සිදු කරයි.
කුඹුරේ, ගොවිපළේ මෙන්ම නිවෙසේදී මීයන් වැඩිපුර ගැවසෙන ස්ථානවල බළල් බෙටි සමඟ අමු ගොම මිශ්රකර කතා නොකර තබන්න.
ග්ලිරිසිඩියා හෙවත් වැට මාර නමින් හඳුන්වන ශාකයේ මල් පොකුරු කිහිපයක් මීයන් සිටින ස්ථානවල තැබීමෙන්ද, වඳවීම හෝ ඉවත්වීම සිදුවේ. කතා නොකර මෙය කළ යුතුය. ඇතැම් ප්රදේශවල ඉපැරැණි ගොවි මහතුන් තමන්ගේ කුඹුරේ මීයන් වඳ කිරීම සඳහා ග්ලිරිසිඩියා ගස්වල මල් අමු කොළ එකට දමා කොට, අමුගොම සමඟ හොඳට මිශ්ර කර භාජනයකට දමා ගව මුත්ර දමා සතියක් පමණ වසා තබා එම දියරය මීයන් වසන ස්ථානවල විශේෂයෙන් කුඹුරේ ලියදිවල ඇති මී බෙන තුළට කතා නොකර දැමීමෙන් මීයන් වඳ වේ.
කෘමි උවදුරට
කුල්ලක ලාටු ගා පැළ අතර එහා මෙහා ගෙන යෑමද, රාත්රි කාලයේදී කැකුණ තෙල් පොඟවා ගත් පන්දම් කුඹුරේ දැල්වීමද සිදුකර ඇත. ඒ මඟින් කෘමීන්ගෙන් වගාවන් ආරක්ෂා කිරීමට පියවර ගෙන ඇත.
පලතුරු වගාවට
පලතුරු වගාවන්වල ඇතැම් මැස්සන් හා කෘමින්ගෙන් විශාල හානි සිදුවේ. මේ සඳහාද විවිධ කෙම් ක්රම භාවිත කර ඇත. පෙරමෝන උගුල නමැති බෝගල් හෝ එවැනි උපකරණ සම්බන්ධ කර ගෙන කළ ක්රියාවන්ද පැවැත ඇත. කෘමි සතුන් පාලනය කිරීමට කෘමි විකර්ෂක ශාක වගා කිරීමද භාවිත කර ඇත. නියරවල් දිගට දහස්පෙතියා, සූරියකාන්ත, කපුරු වැනි ශාක හිරු උදාවට පෙර කතා නොකර ගොස් ගොයම් පැළ සිටුවීමත් සමඟ හෝ ඉන් ටික කලකට පසු වගාකර ඇති බව සඳහන් වේ. මෙම මල් වගා කිරීමේ හේතුවෙන් කෘමීන් වඳවීම හෝ එම ප්රදේශයෙන් ඉවත් වී ඇති බව ප්රකට වී ඇත.
ගෙවත්තේ පලතුරු ගස්වල මල් පිපෙන සමයට හීරැස්ස වැල් කැබැල්ලක් ගසේ නැගෙනහිර දිශාවේ අත්තක බැඳ තබන්න. ඇස්වහ කටවහ දෝෂ දුරු වීමට මෙම කාර්යය කිසිවකුට නොපෙනී කතා නොකර ඉර පායන්න පෙර සිදුකිරීම කළ යුතුය.
කොස්, දොඩම්, අඹ, බෙලි, කෙසෙල් ආදී පලතුරු ගසේදී පුපුරා විනාශ වීම වැළැක්වීම සඳහා කෙම්මුර දිනයක අලූයම යකිනාරං අත්තක් ගෙන පලබර ගසේ නැගෙහිර දෙස කඳ පිරිමැද ගසමුල අත්ත සිටුවන්න. ඇස්වහ කටවහ නිසා පලතුරු පුපුරා විනාශ වීම නවතී.
Ø කුඹුරෙන් සරු අස්වැන්නක් ලැබීමට ඇටි කෙසෙල් අලයේ යුෂ මී ඇට තෙල් ගෙන ඉවර වු පසු ඉතිරි වන රොඩ්ඩ සමඟ මිශ්ර කර එම යුෂයෙන් බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
Ø වී අස්වැන්න සරු සාර වීමට බුලු ගසක බදින ලද පිළිලයක් පුවපල් නැකත යෙදී ඇති දිනක ගලවා කුඹුර මැද දැමීමෙන් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ගොයමි පාගන විටදී ද එවැනි පිළිලයක් කමතේ වැලලීමෙන් ද වැඩි අස්වැන්නක් ලැබේ.
Ø ලබු කිඳ කොටා යුෂ ගෙන එයට අමු ගොම මීශ්ර කර දිය කරන්න. මේ මිශ්රණය දිනක් හෝ දෙකක් පල්වෙන්නට හැර බිත්තර වී පොඟවා වැපිරීමට ගන්න.
Ø කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කොල කන පණුවන් මර්ධනය කිරීමට වක්කඩට කැප්පිටියා කොළ දමන්න.
Ø කුඹුර වපුරා දින ගණනක් ගිය විට විවිධ කෘමින්ගෙන් වී වගාවට හානි සිදුවේ. මෙවැනි අවස්ථා වල කුඹුරෙහි තැනින් තැන ඉනි සිටුවා ඒ මත පොල්ලෙල්ලක් හෝ ලෑල්ලක් වැනි දෙයක් තැබීමෙන් දිවා හා රාත්රි කාලවලදී ඒ මත විවිධ කුරුල්ලන් වසා කෘමීන් ආහාරයට ගනී. ඒ මඟින් කෘමීන් මර්ධනය කල හැක.
Ø විවිධ කුරුල්ලන්ගෙන් ගොයමට වන හානි වලක්වා ගැනීමට මා නැකත ඇති දිනක මී ගසක මුලක් ගලවා කුඹුරේ මැද සිටුවන්න.
Ø කුඹුරට මීයන්ගෙන් වන හානිය මර්ධනය කිරීමට අන්නාසි කොළ ගෙන ඒවායේ බුලත් විටට ගන්නා හූණු වලින් ඉරි ඇඳ ඒවා කුඹුරේ තැන්තැන් වල දමන්න. මේවා බැලු බැල්මට සර්පයන් සේ පෙනෙන බැවින් මීයන් ඒම වැලකේ.
Ø වී වගාවේ පුරුක් පණුවන් මර්ධනයට පොල්පිති කපා ඒවායේ හිස කොටස ඉහළට සිටින සේ කුඹුරෙහි සිටුවීමෙන් ඒ මත වසන කුරුල්ලන් පුරුක් පණුවන් ආහාරයට ගැනීම නිසා පුරුක් පණුවන් වඳ වේ.
Ø පොල් කොමිබයකට පිලිස්සුණු එන්ජින් ඔයිල් යොදා පහනක් දැල්වීමෙන් කුඹුරේ සිටින පුරුක් පණුවන්, දළඹුවන් , ගෙප්මැස්සන්, ගොයම් මකුණන් ආදී සතුන් ගෙන් වන හානී අවම කර ගත හැක.
Ø කුඹුරේ වක්කඩ ළඟ වලක් හාරා එයට කොහොඹ කොළ , කදුරු කොළ , දලුක් කොළ, දොඩම් කොළ, තිත්ත කිඳ ,කලවැල් වැනි සැර ගඳක් ඇති කොළ වර්ග එම වලේ රඳවා තැබීමෙන් වතුර සමඟ මීශ්රව කුඹුර පුරාම ඒවා ගලා යන නිසා ගොයමේ ඇති විවිධ කෘමීන් මර්ධනය වේ.
Ø කුඹුරේ නියරවල පලා වර්ග එළවලු වර්ග වගා කිරිමෙන් පළිබෝධ හානී අඩු කර ගත හැක.
Ø හිනි මිරිස්, නයි මිරිස්, වියළි මිරිස් වැනි සැර ගඳ ඇති දෙයක් අඹරා ජලයෙහි දියකර ඉසීමෙන් ගොයමේ පැල මැක්කන් වඳ කර ගත හැක.
Ø දුඹුරු පැල කීඩෑවන් නිසා ගොයමට වන හානිය වලක්වා ගැනීමට කුඹුරේ වතුර හිස් කර ගොයම් ගස් මුලට අව්ව වැටීමට සලස්වන්න.
Ø දුඹුරු පැල කීඩෑවන් සිටින ස්ථාන වලට ,
අලු වලට භූමී තෙල් මීශ්රකර ඉසින්න.
වැලි වලට භූමී තෙල් මීශ්රකර ඉසින්න.
ගෝනි පඩංගු භූමී තෙල් වලින් පොඟවා කුඹුරේ තැන් තැන් වල දමන්න.
Ø ඉබි කුරුමිණියා ,ඔක්සිඩිසින් මකුලුවා , රතු කාවා ,රතු කඩි කුරුමිණියා වී ගොවිතැනේ හිතකර කෘමීන්ය. මොවුන් පළිබෝධකයන් ආහාරයට ගන්නා නිසා පළිබෝධ නාශක ඉසීමක් අවශ්ය නොවේ.
Ø කෙම්මුර දිනයක දිය නා පිරිසිදු පිරුවටයක් ඇඳ දිය කිරිල්ල අත්තක් කඩා ගෙන.
“ඕං නමෝ මෙති මෙති මලා මෙතියේස්වාහං“
යන ගාථා මන්ත්රය 10වරක් මතුරා කුඹුරේ සිටුවීමෙන් වී ඇහිලීමට කුඹුරට එන කුරුල්ලෝ අඩු වේ.
Ø වී වැපුරුවිට විවිධ කුරුල්ලෝ වී ඇහීළීමට එති. එය වලක්වා ලීමට මල් කෑර කෝටු හතරකට
“නමෝ මහා මෙහි ගන්නේ මමයි ඒහි ඒස්වාහං“
යන මන්ත්රය 108 වරක් මතුරා කුඹුරේ හතර කොනේ සිටුවීමෙන් කුරුල්ලෝ වී ඇහීලීමට නෙඓති.
Ø වී කුඹුරට ඉස දින 3 ක් 4ක් ගත වු පසු විවිධ කෘමීන් ඒම වැළැක්වීමට අලු ටිකක් ගෙන
“ සබ්බ පාපස්ස අකරණං“
යන ගාථාව මතුරා කුඹුරට ඉසින්න.
Ø වක්කඩ අසල තරමක වලක් හාරා ,වරා කොළ හෝ දලුක් අතු හෝ කැප්පෙටියා අතු දැමීමෙන් කෘමීන් කුඹුරට ඒම වළක්වා ගත හැක.
සමහර කාල වල කුඹුරට ගොලුබෙල්ලෝ බෝ වේ. එවිට ලියැදි වල වතුර බැඳිමෙන් ගොලුබෙල්ලෝ නියරට ඒම නිසා කපුටන් කා දමති.
Ø බිත්තර වී වපුරණ විට “ සබ්බ පාපස්ස අකරණං“ යන ගාථාව සත් වරක් මැතිරීමෙන් කෘමී උවදුර අඩු කර ගත හැක.
Ø කටු වල අල ශුද්ධ කීරීමෙන් පසු පිට පොත්ත සහිත ලෙලි එකතු කර ඒවා වක්කඩ ළඟ පොඩි වළක් හාරා එයට දැමීමෙන් වේ උවදුර වලක්වා ගත හැක.
Ø නොපෑගුන ස්ථානයකින් වැලි ටිකක් ගෙන මල් බුලත් තට්ටුවක තබා ,
“ඕං නමෝ ඇති නිමී යේස්වාහං“
යන මන්ත්රෙයන් 108 වරක් මතුරා ඉසීමෙන් මීයන් ඒම වළකී.
Ø පීදෙන ගොයමට ගොයම් මැස්සන් බෝ වීම බහුලව සිදුවේ. යායක් එකම කාලයකදී වැපීරීම මඟින් මෙය බොහෝ දුරට අඩු නර ගැනීමට හෝ වලක්වා ගැනීමට පුළුවන. රාත්රී කාලයේදී ලන්තෑරුමක් එල්ලීමෙන් ද ගොයම් මැස්සන් අඩු කර ගත හැක.
Ø වැලි අහුරක් ගෙන “ නමෝ තීල තීල අභිලේස්මාහං“ යන මන්තරයෙන් 21 වරක් මතුරා කුඹුරට ඉසීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø කඹයක් හෝ කොහු ලණුවක් තැනින් තැන රෙදි පාන්කඩ දවටා දුම්මල තෙල් හෝ කැකුණ තෙල් පොඟවා කුඹුරේ ගොයම් කොළ වල ගෑවෙන සේ ඇදීමෙන් ගොයම් මැස්සන් වඳවේ.
Ø දීග ලීයක කුල්ලක් බැඳ කුල්ලේ යම් මැලියම් වර්ගයක් ගා ගොයමේ කුල්ල ඇතිලිලීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø රුක් අත්තන ගසේ පොතු වේලා වංගෙඩියේ කොටා පිටි කර එම පිටි කුඹුරේ කීඩෑවන් සිටින ස්ථාන වලට ඉසීමෙන් මැස්සන් වඳ කරගත හැක.
Ø ගොයම් වැඩී ඇති අවස්ථා වලදී ඇස්වහ කටවහ දෝෂ ද ඇති වේ. මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා වීමට පඹයෙකු සාදා සවි කරන්න.
Ø පොල් කොළ අග්ගිස් කෑලි 7 ක් ,වියළී මිරිස් කරල් 7ක් , දෙහි කොළ 7ක් ,මිරිස් ඇට 7 ක්, සීනක්කාරම් හා අළු ස්වල්පයක් දමා කථා නොකර කුඹුරට දුම් ඇල්ලීමෙන් ඇස්වහ කටවහ දෝෂ දුරු වේ.
Ø මීයන්ට , අමු ගොම හෝ එළු බෙටි පොල් කටු වලට දමා කුඹුරේ තැනින් තැන තබන්න. වැට මාර ගස්වල වල පොතු බත් සමඟ මීශ්ර කර ගුලි කර කුඹුරේ තැනින් තැන වල දමන්න. වැට මාර මල් කුඹුරේ තැනින් තැන විසුරුවා හරින්න.
Ø මීයන්ට, කුරුල්ලන්ට - ගොයමට උඩින් පොලිතින් පටි, කැසට් පටි අදින්න.
Ø පීදෙන ගොයම ගොයම් මැස්සන්ගෙන් ආරක්ෂා කිරීමට , හිමිදිරි පාන්දර කුඹුරට ගොස් කථා නොකර ගොයම් මැස්සකු අල්ලා ගන්න. වියළි මිරිස් කරලක් ගෙන අග කොටස තරමක් කඩා අල්ලා ගත් මැස්සා එතුළට දමා නූලකින් මැස්සා පිටතට නොඑන ආකාරයට බදින්න. ඊට පසු කථා නොකර ගෙදරට පැමිණ එය දුම් මැස්සේ නටුව උඩට සිටින සේ එල්ලන්න. දුම් වදිනවිට මැස්සන් වඳවේ.
එසේම දෙහි ගෙඩියක ඇස්ස කපා පෙර පරිදිම ගොයම් මැස්සකු එතුළට දමා දුම් මැස්සේ දුම් වඳින සේ එල්ලා තබන්න.
ලබු ගෙඩියේ ඇස්ස කපා ගොයම් මැස්සකු අල්ලා ගෙන ඒ තුළට දමා ඇස්ස වසන්න. එය රැගෙන කුඹුරේ වටේට ගොස් කුඹුරේ මැද ඉන්නක් සිටුවා ගොක් කොළයක් බැඳ ගෙඩිය එහි තබන්න. ගොයම් මැස්සන් වඳ වේ.
කුඹුර වටේ හතර කොනින් ගොයම් මැස්සන් හතර දෙනෙකු ද හරි මැද්දෙන් තවත් ගොයම් මැස්සකු ද හිමිදිරි පාන්දර කථා නොකර අල්ලා ගන්න. ඊට පසු හිගුරළ වැලක පොළවේ සිට අඩියක් පමණ ඉහළින් එහි පොත්ත ගලවා මැස්සන් පස් දෙනා පොත්තට මැදි කර ගොයම් ගසකින් බඳින්න. වැල මැරි යන ආකාරයට ගොයම් මැස්සන් වඳ වේ.
ගොයම් මැස්සන් පස් දෙනෙකු අල්ලා එය හරකෙකු, බල්ලෙකුට ,කුකුළෙකුට ගිල්විය යුතුයි.ඒ සමඟම කුඹුර හිමියා ද තුන් වරුවක් කුඹුරට නොයා යුතුයි.
Ø කුඹුරේ මැසි මදුරුවන් වැඩි වේ නම් සිව් කොනේ කෝටු හතරක් සිටුවා ගොටු සවිකර ඒවාට දිහේ පෙඟවු මුං ඇට ස්වල්පයක් දමන්න. මුං ඇට පැළ වේගන එන විට මැස්සන් දුරුවේ.
Ø හීන් කොච්චි ,හිනි මිරිස්, පල්මානික්කම්, සිනක්කාරම්, සහිඳ ලුණු, එක තරමට ගෙන අඹරා ගුලි කර වල් ලුණු අලයක් ගෙන මදය ඉවත් කර එම ගුලිය එහි තබා සිදුර වසා කුඹුරේ සිව් කොන වැළලීමෙන් ,අලය කුණුවී යන විට ගොයමට පැමිණෙන කෘමීන් මර්ධනය කර ගත හැක.
Ø කෙම්මුර දිනයක ඇඹුල් දොඩම් ගෙඩි 4ක් 5ක් කඩා ගෙන කුඹුරේ ස්ථාන කිහිපයක වැළලීමෙන් ගොයමට එන මැස්සන් දුරුවේ.මෙහි අන්තර්ජාලයෙන්උපුටා ගත් කරුණු ඇතුලත් වන අතර මේ දැනුම පැරණි මුතුන් මිත්තන්ගෙන් අපට උරුම කල දුන් ඒවා වේ

Tuesday, May 19, 2020

Cancer veda

හැමොටම දැනගන්න ශෙයා කරන්න​
තිස්සමහාරාම නගරයේ සිට මාගම පාරේ කිලෝමීටර් 05ක් පමණ ගිය තැන හමුවන ආසිරි මාවතින් හැරී ගිය පසු මෙම අපූරු වෙද මහතාගේ නිවෙස අපට හමුවිය. නිවෙස ඉදිරිපිට බිත්තියේ “මිණිකිරණ වෙද මැඳුර” ලෙස සටහන් කර තිබිණි. පිළිකා රෝගය වැලඳී මරණයට කැප වන මිනිසුන්ට ජීවය දෙන මේ අපූරු වෙද මහතා නමින් සාමවිනිසුරු සිසිර ගමගේය. කවුරුත් දන්නේ තිස්සමහාරාමයේ වෙද මහතා කියු සැණින්ය. ඔහු පාරම්පරික සර්ප වෙද මහතකු වූ ඊ.කේ.ජී. ගුණසේකර මහතාගේ මහතාගේ පුතණුවන්ය.
“පිළිකාව නිට්ටාවට සුව කළ හැකියි කියලා අද වනවිට මං ඔප්පු කරලා තියෙනවා. මගේ ළඟට එන පිළිකා රෝගීන් මං මාස තුනක් හයක් අතර කාලයකින් සනීප කරලා තියෙනවා. පිළිකා රෝගියෙක් තමන්ට පිළිකාවක් තියෙනවා කියලා දැනගත්ත මුල්ම අවධියේම මා හමුවට ආවොත් එම රෝගියා මාසයක් වගේ කෙටි කාලයකින් සනීප කරනවා. මේ සඳහා භාවිත කරන්නේ පිටතින් ගල්වන ආලේපයක් විතරයි. මේ වනවිට ලෝකේ කොහේවත් නෑ පිටතින් ආලේප ගල්වලා පිළිකා සුව කරන ස්ථානයක්.
මේ සඳහා මා භාවිත කරන්නේ වස විස නොගෑවුණු දේශීය අමුද්‍රව්‍ය සහිත බෙහෙත් වට්ටෝරුවක් විතරයි. මං රෝගීන්ට කියන්නේ මා ළඟට එන විට අනිවාර්යෙන්ම පිළිකාවක් තියෙනවා කියලා ලබා දෙන වෛද්‍ය වාර්තාව රැගෙන එන්න කියලා විතරයි. ඒ එන රෝගියාට මගේ ප්‍රතිකාර ලබා දීමෙන් පසු මාස තුනක් වගේ කාලයකින් නැවත පරීක්ෂණයක් පවත්වන්න කියලා මං කියනවා. එම අවස්ථාවේදී රෝගියාට පුළුවන් ඔහු කැමැති ඕනෑම වෛද්‍යවරයකු හමුවෙලා තමන්ට පිළිකාව තියේද නැද්ද කියලා පරීක්ෂා කරවාගන්න.
තාත්තාගේ අභාවයෙන් පසු අම්මාත් මාත් මේ වෙදකම සාමාන්‍ය පරිදි කරගෙන ගියා. මේ අතරවාරයේ මට හිතුණා පිළිකාව නසන බෙහෙතක් පිළිබඳව අත්හදා බලන්න. මට මගේ පියා මේ බෙහෙත ගැන කියලා දුන්නට ඒ පිළිබඳව පර්යේෂණයක් කරන්න බැරි වුණා. කොහොම හරි අවුරුදු 07ක් විතර මම මේ බෙහෙත පිළිබඳව අත්හදා බැලීම්වල නියැළුණා. එහි ප්‍රතිඵලයක් විදියට තමයි අද මා පිළිකාව නිට්ටාවට සුව කළ හැකි මේ බෙහෙත සොයා ගනු ලැබුවේ.
පිළිකාවක් හැදුණු ලෙඩෙක් කොච්චර වේදනාවක් විඳිනවාද, දුකක් විඳිනවාද කියලා අපි දන්නවා. නමුත් කන්න බොන්න බැරිව මරණාසන්න වෙලා මා ළඟට එන පිළිකා රෝගීන් දින 10ක් යනකොට හොඳට කන්න බොන්න පටන් ගන්නවා. මාස තුනත් හයත් අතර කාලයේදී පිළිකාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. මේකෙදි මම කරන්නේ පිළිකා සෛල පැතිරී යෑම වළක්වා ඒ සඳහා සිරුරේ පිටතින් ආලේපයක් ගැල්වීම පමණයි. මේ සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය සිංහරාජ කැලයෙන් හා බෙලිඅත්ත ගැටමාන්න ප්‍රදේශයෙන් තමයි හොයා ගන්නේ.
පිළිකාවක් තියෙනවා කියලා මුලින්ම හඳුනා ගත්ත රෝගියෙක් වුණොත් මාසයක් හෝ දෙකක් වගේ කෙටි කලකින් රෝගය නිට්ටාවට සුව කළ හැකියි. ඒ නැතත් පිළිකාවක් තියෙන රෝගියකු මම පරීක්‍ෂා කර බැලීමෙන් පසු මාස තුනත් – හයත් අතර කාලයකදී අනිවාර්යෙන්ම සුව කිරීමේ හැකියාව තියෙනවා. මේ වෙනකොට පිළිකා රෝගීන් විතරක් 937 දෙනකු ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණිලා තියෙනවා.
ඒ අයගෙන් 524 දෙනකුගේ පිළිකා නිට්ටාවටම සුව කරලා තියෙනවා. ඒ අය අද ඉතා සතුටින් පවුල් ජීවිත ගෙවන අය. ඕනෑම කෙනකුට ඒ අය හමුවෙලා විස්තර දැනගන්න පුළුවන්. තවත් රෝගීන් 413 දෙනකු ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ඒ අයගෙනුත් 128 දෙනකු මේ මස අවසන් වනවිට ප්‍රතිකාර අවසන් කරන අය. ඒ කියන්නේ පිළිකාව නිට්ටාවටම සුවවෙච්ච අය.
ඇතැම් රෝගීන් මගේ ළඟට එන්නේ රෝහලින් දැන් නම් මෙයාගේ කාලය ඉවරයි කියලා ගෙදර අරගෙන ගිය අයයි. නමුත් අද මැරෙන්න හිටිය රෝගීන් තමන්ගේ දෙපයින් නැඟිටලා ඇවිදලා යනවා දැක්කම මට තියෙන්නේ පුදුම සතුටක්. මේ එන රෝගීන්ගෙන් බෙහෙත් සඳහා පමණයි මා සුළු මුදලක් අය කරන්නේ. අසරණ නැති බැරි අයගෙන් මං ඒ මුදල් ගන්නෙත් නෑ. මට ඕනේ මගේ තාත්තා කරගෙන ආ වෙදකම තවදුරටත් පවත්වාගෙන යන්නයි. ඒ වගේම මං කියන්න ඕනෑ ඇතැම් අය මට දුරකථනය ඔස්සේ කතා කරලා අහනවා ඇත්තටම පිළිකාව සනීප කරන්න පුළුවන්ද අහනවා.
මං ඒ හැම කෙනකුටම කියන්නේ බය වෙන්න එපා. කවුරු මොනවා කිව්වත් පිළිකාව දේශීය වෙදකම මඟින් නිට්ටාවටම සනීප කරන්න පුළුවන්. ඇවිත් බලන්න. ඇතැම් අය දුරකථනයෙන් කතා කරලා බෙහෙත් හදන විදියත් අහනවා. මට හැම දෙනාටම කියන්න තියෙන්නේ දුරකථනයෙන් නම් ප්‍රතිකාර කරන්න මට තවම පුළුවන්කමක් නෑ. මට පුළුවන් මගේ ළඟට එන රෝගීන් පරීක්‍ෂා කරලා බලලා එම රෝගියාගේ තත්ත්වයට හරියන විදියට ප්‍රතිකාර කරන්න විතරයි. බොහොම වගකීමෙන් කියනවා මගේ ළඟට එන පිළිකා රෝගීන් මාස හයක් යන්නට කලින් පිළිකාව නිට්ටාවට සුව කර දීමේ හැකියාවක් ඇති බව” යැයි පැවැසීය.
වෙද මහතාගෙන් පසු අප පිළිකා රෝගයෙන් පීඩා විඳි රෝගීන් කිහිදෙනකුම සොයා ගියේ මෙහි ඇති සත්‍යතාව පිළිබඳව තවදුරටත් පසක් කර ගැනීම සඳහාය.

Sunday, May 17, 2020

bonsai planting

බොන්සායි කළාව ඉගෙන ගනිමු. ඉතා ඉහළ ආදායමක් ලබමු.


චීනය තමයි බොන්සායි කලාවේ ආරම්භය. බොන් කියන්නේ පැතළි බදුන කියන තේරුම. සායි කියන්නේ කුරු ගස කියන එක. විශාල ගසක පෙණුම එන්න, කුරු ගසක් නිර්මාණය කර ගැනීම තමයි බොන්සායි කලාවේ අරමුණ. චීනයෙන් පස්සේ ජපානයට මේ කලාව පැතිරුනා. මේ කලාව වසර පන්සීයකට වඩා පැරණියි. අතේ සල්ලි නැති අයට බොන්සායි කියන්නේ ඉතා හොද ධන උල්පතක්. මේකට ඉවසීම තියෙන්න ඕන. ඒ වගේම කලාත්මක ඇහැක් තියෙන්න ඕන.
බොන්සායි කරන්න යොදා ගන්නෙ කුඩා කොළ තිබෙන ශාක. කොස් , දෙල්, වගේ ලොකු කොළ තිබෙන ශාක යොදා ගන්නෙ නැහැ. අරටුව තිබෙන, වැඩි ආයුෂ තිබෙන, ඇට්ටර වෙන ගස් තමයි මේකට යොදාගන්නේ.
1. කුබුක්
2. කෝං
3. මී
4. කළුවර
5. බුරුත
6. ඇට්ටේරියා
7. මාදං
8. නුග වර්ග
9. දෙළුම්
10. දිවුල්
11. කරද
12. සියඹලා
13. බෝගන්විලා
14. බෝ
15. බෙන්ජමිනා
16. පළු
17. වීර
වගේ ශාක මේකට සුදුසුයි.

වගා බදුන තෝරා ගැනීම

උස අඩු වගා බදුන් තෝරා ගන්න. අගල් තුනක් පමණ උස නම් වඩාත් සුදුසුයි. මැටි බදුන් වඩාත් හොදයි. ප්ලාස්ට්ක් බදුන් ගන්නවා නම් ඒක ස්වභාවික පෙණුම එන්න හදා ගන්න වෙනවා. සිමෙන්ති බදුන් යොදා ගන්නත් පුළුවන්. ඒ වගේ සිමෙන්ති භාජන අපිටම ගෙදරදී උනත් හදා ගන්න පුළුවන්. ඒකට අසම්මත හැඩ යොදා ගන්නත් පුලුවන්. රවුම්, කොටු වගේ හැඩ මෙන්ම නමක් කියන්න බැරි අමුතු හැඩ තියෙන්න ගෙදරදීම සිමෙන්තියෙන් හදා ගන්න පුලුවන්. අගල් තුනට වඩා උස බදුන් ටිකක් ලොකු ගස් වලට යොදා ගන්නවා. කිරි හට්ටියක උනත් මේවා හදා ගන්න පුලුවන් බවත් මතක් කළ යුතුමයි.

වගා මාධ්‍යය

ගඩොල් කැට, බොරළු, වියළි ගොම, ගගේ වැළි, අගුරු, මතුපිට පස් සමාන පුමාන වලින් ගන්න. ගඩොල් කැට සෙන්ටිමීටරයක් පමන වෙන්න කඩා ගන්න. ගඩොල් වලින් කොටසක් කුඩු කරගෙන වෙනම තියා ගන්න. අගුරුත් එහෙමම තමයි. කොටසක් සෙන්ටිමීටරයක් විතර කෑලි සහ තව කොටසක් ඉතා කුඩා කෑලි වගේම කොටසක් පිටි වගේ වෙන්න අඹරා ගන්න. භාජනේ යටටම ⁣ඉහත කී දේවල් සමානව අරගෙන කලවම් කරලා ලොකු කැට භාජනේ පතුළට දාන්න. භාජනේ මැද හරියට මීඩියම් සයිස් ඒවා දාන්න. උඩට පිටි වගේ අඹරා ගත් ඒවා දාන්න. මේ පස් හදා ගන්න කොට, විවිධ සයිස් වල දැල් වලින් පෙරා ගන්නවා. ඒත් මුලදී එහෙම කරන්න වියදම් කරන්න ඕන නැහැ. ඔය මම කීව විදිහට හදා ගත්තාම හරි.

පැළ තෝරා ගැනීම හා බදුන් ගත කිරීම.

පොඩි පැලයක් තෝරා ගන්න. එහි පස් ඉවත් කරන්න. මේ සදහා ගෑරොප්පුවක් භාවිතා කරන්න පුළුවන්. මුල් වලට හානි නොකර මේ වැඩේ කරන්න ඕන. මුදුන් මුල කපන්න හදිස්සි වෙන්න එපා. මුදුන් මුලට උඩින් ඉතා හොද ශක්තිමත් මූල මණ්ඩලයක් තිබේ නම් පමණක් මුදුන් මුල මුලින්ම නොකපා ටිකක් පහළින් කපන්න. මුදුන් මුලට අමතරව ඉතා හොදින් මූල මණ්ඩලය වැඩ්ලා නැති නම් මුදුන් මුල කපන්න එපා. බදුන් ගත කරන්න. පසු කාලීනව පෝච්චිය හා පස් මාරු කරන කොට මුදුන් මුල කපන්න පුලුවන්. මුදුන් මුල හැර වෙනත් මුල් හොදින් වැවිලා නැති නම්, මුදුන් මුල කැපුවොත ගහ මැරෙන්න පුලුවන්.
දැන් පැලය පෝච්චියේ සිටුවන්න. පැලයේ මුල් ඇදීම සිදු වී අළුත් දළු දමන තුරු, කිසිදු රසායනික පොහොරක් දාන්න එපා. අළුත් දළු දැම්මා කියන්නේ පසට මුල් ඇදලා කියන එක. ඒ කාලෙදී යෝගට් හැන්දක් විතර රසායනික පොහොර දාන්න. බෝගන්විලා වැනි මල් පිපෙන ගසක් නම් පොස්පරස් අඩංගු පොහොරක් දාන්න. කොළ පමණක් වැවෙන ගසක් නම් නයිට්‍රජන් අඩංගු පොහොරක් (යුරියා) දාන්න.
පැලයේ මුල සිට අගල් හතරක් යන තුරු තිබෙන අතු කපා ඉවත් කරන්න. තියුණු මුවහත තිබෙන පිහියක් හෝ අඬුවක් භාවිතා කරන්න.
අතු බෙදීම ගැන සැලකිලිමත් වන්න ඕන. පැලයේ ඉදිරිපසට අතු වැවෙන්න දෙන්න එපා. ඉදිරිපසින් බලන විට ශාකයේ කද පේන්න ඕන. එතකොට තමයි එහි වයස ගිය පෙණුම එන්නේ. ඉදිරි පස අතු තිබේ නම් කපා ඉවත් කිරීම හෝ එක් පසෙකට අත්ත නමා කද පෙනෙන සේ සැකසීම කළ යුතුයි.
කදේ මුල සිට අගල් හතරක පමණ උසින් වම් පසට අත්තක් යවන්න. ඊට ටිකක් උසින් පසුපසට අත්තක් යවන්න. ඊට තරමක් උසින් දකුණු පසට අත්තක් යවන්න. ගසේ ඉහළට යන විට කේතුමය හැඩයක් ගන්න උත්සාහ කරන්න. අනවශ්‍ය අතු කපා ඉවත් කරන්න. අවශ්‍ය අතු ඉතිරි කරගෙන ඒවා වටේ තඹ හෝ ගැල්වනයිස් කම්බි ඔතා එය අවශ්‍ය හැඩයට සකසා මාසයක් දෙකක් තබන්න. එවිට එම හැඩයට අනුව අත්ත හැඩ ගැසේ. පසුව කම්බි ඉවත් කරන්න ඕන. අතු කප්පාදු කරන්නත් ඕන.
දවසට පැය තුනක් හතරක් හිරු එළියට නිරාවරණය කළ යුතුයි. වාතාශ්‍රය ලැබෙන්නත් ඕන. ගෙ ඇතුලේ පැලය තබනවා නම්, ජනේළයක් අසල දිනකට පැය තුන හතරක් තබන්න. වාතාශ්‍රය එන්න ජනේලය අරින්න. ඉතා තද සුළං එන තැන් වල පැළ තබන්න එපා.
අවුරුද්දකට වතාවක් වත් පෝච්චියෙන් පැළ ගලවා, පස් අළුත් කරන්න ඕන. ඒ වගේ වෙලාවක මුදුන් මුල වර්ධනය වී තිබේ නම් එය කපා ඉවත් කරන්න පුළුවන්.
බදුනේ ජල වහනය නිසි පරිදි සිදු වෙන්න නම්, අනිවාර්යයෙන්ම බදුන පතුළේ සිදුරු කිහිපයක් තිබෙන්න ඕන. බදුනේ පස් වල පාසි වැවෙන්න ඕන. ගස් වල, ජලය නිතරම ඇති තැන් වලින් පාසි ගලවා බදුනේ මතුපිට වවන්න පුළුවන්.
පාසි නොදමා බදුන මතුපිට විවිධ අලංකාර ගල් වර්ග තැන්පත් කරන්නත් පුළුවන්. ගසක හැඩය පහළට කඩා හැලෙන සේ සැකසීම, කදු මුදුනක තිබෙන ගසක් සේ සැකසීම, කේතුවක හැඩයට සාකසීම තමයි වඩාත් ජනප්‍රිය.
කුඩා පැළයක් අරගෙන බොන්සායි කරනවා වගේම, ලොකු ගසක්, මුල් සමග ගලවා මුදුන් මුළ හා අනවශ්‍ය අතු කපා බොන්සායි කරන්නත් පුළුවන්. එවැනි අවස්ථා වල ගසේ කද විවිධ ආකාරයෙන් ඇඹරී ගිය පෙනුමක් එන්න ඉතා කුඩා ගුයින්ඩරයකින් සකසන්න පුළුවන්. නමුත් එය සීරු මාරුවට ඉවසීමෙන් කළ යුතු දෙයක්.
අළෙවි කරන කොට බදුන අළුත් කරලා, මතුපිට පාසි වැවීම හෝ අලංකාර ගල් ඇතිරීම කළ යුතුයි. ගස නඩත්තු කිරීම පිළිබදව පොඩි අත්පතුිකාවක් ගැනුම් කරුට ලබා දිය යුතුයි.
ජලය යෙදීමේ දී ස්පෙු් කිරීම හෝ ඉතා පරෙස්සමින් සිහින් සිදුරු ඇති භාජනයකින් සිදු කළ යුතුයි.
මේ ගැන ඉ⁣ගෙන ගන්න පුළුවන් යූ ටියුබ් වීඩියෝ වල ලින්ක් ටිකක් මම මුල් කමෙන්ට් වල දාන්නම්. ඒ ටික බලන්න. එහෙම දාලා තියෙද්දීත් "කොහොමද කරන්නේ" කියලා අහන අය ඉන්නවා. ඒ ගැන දුකයි. පොල් බොන්සායි එකේ එහෙම කමෙන්ට් කීයක් තියනවද කියලා නිකමට ඒ පෝස්ට් එකට ගිහින් බලන්නකෝ.
මුල් කමෙන්ට් වල මම දාල තියන වීඩියෝ සහ ඡායාරූප වලින් තවදුරටත් අදහස් ලබා ගන්න පුළුවන්.
ඉතා අලංකාර ගසක් ලබා ගැනීමට නම් වසර දෙකේ සිට හතර දක්වා කාලයක් ගත වෙනවා. නමුත් ඊට කලින් උනත් හොද පෙනුමක් ලබා ගන්න පුළුවන්. වසර අටක්, දහයක් වගේ කාලයක් මේ පැළ තියා ගෙන නඩත්තු කලොත්, ලක්ෂයකට වැඩි මිළකට එක පැළයක් දෙන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන්.
වසර පුරා සකසා ගත් පැළ ටික
දළදා පෙරහැර කාලෙට මහනුවර පැත්තේ ගිහින් විකුනන්න පුළුවන්
මඩු පල්ලියේ මංගල්ලේ කාලෙට ඒ පැත්තේ පුදර්ශන කුටියක් දාල විකුනන්න පුළුවන්
මීගමුව, වෙන්නප්පුව වගේ පැති වල පල්ලි වල මංගල්ල කාලෙට විකුනන්න පුළුවන්.
කාර්යාල වල කාලෙන් කාලෙට පුදර්ශන පවත්වා අළෙවි කරන්න පුළුවන්.
බොන්සායි පුදර්ශන සංවිධානය කරලා අළෙවි කරන්න පුළුවන්.
කොළඹ, ටවුන් හෝල් පැත්තේ පේව්මන්ට් එකේ තියාගෙන විකුනන්න පුළුවන්.
ඔය උදාහරණ කීපයක් විතරයි. කෙටියෙන් කියනවා නම් බොන්සායි පැළ ලේසියෙන්ම විකුනන්න පුළුවන්.
අඩි පහක් හයක් උස ෂැම්පේන් පැලයක් රුපියල් තිස් හතලිස් දාහට විකුනන රටේ, ෆොක්ස්ටේල් පැළ රුපියල් විසි තිස් දාහට විකුනන රටේ බොන්සායි විකුනන්න බැහැ කියලා කලින් කොකෝ බොන්සායි පෝස්ට් එකට කමෙන්ට් කරපු අය ගැන දුකයි. එයාල මාකටින් ෆේල් අය. මුකුත්ම කර ගන්න බැරි අය.
තමන් දැනට කරන රස්සාව කරන ගමන් පැළ දෙතුන් සීයක් හදා ගන්න පුළුවන් අවුරුදු තුන හතරක් ඇතුළත. ඊට පස්සේ ඒ ටික විකුනලා ෆිනෑන්ස් නොකර කාර් එකක් ගන්න පුළුවන්. කරලා බලන්නකෝ මම කියනවට. ඒ නැතත් තමන්ගේ ගෙදර ලස්සන වෙන්න කියලා වත් පැල කිහිපයක් හදන්න.
මේ ලින්ක් ටච් කළාම අදාළ වීඩියෝ බලන්න පුලුවන්. නැත්නම් යූ ටියුබ් එකේ Bonsai කියලා සර්ච් කරන්න.
ලොකු පැල තෝරා ගෙන බොන්සායි කරන විදිහ
කම්බි ඔතන විදිහ
මුලින්ම පටන් ගන්න අයට
https://youtu.be/X-HZRupYrvQ
භාජන මාරු කිරීම
https://youtu.be/lJ74BrbTh8Y
නඩත්තුව
https://youtu.be/FvKW3_yrpPo
පස මාරු කිරීම හා කප්පාදුව
තවත් වීඩියෝ
Crishantha Dissanayake

Friday, December 13, 2019

milk types


hela thuna paha

අවශ්ය ද්රව්ය :-
සුදු ළූණු 100g, අමු ඉඟුරු 100g, ගම්මිරිස් 100g, කොත්තමල්ලි 100g, කහකුඩු 10g, කරපිංචා 100g, පොඟවා මිරිකා ගත් වියළි ගොරකා 100g, සියඹලා 100g, කෝමාරිකා මදය 100g, මුරුංගා කොළ (වැට මුරුංගා)100g
ඒ ඒ ද්රව්යයන්ගේ ගුණ..
* සුදු ළූණු, අමු ඉඟුරු, ගම්මිරිස් - වාතය, පිත, සෙම නසාලයි.
* කොත්තමල්ලි - උෂ්ණත්වයට සිසිලසත්, සිසිලසට උෂ්ණත්වයත් ලබා දෙන ද්විත්ව ක්රියාකාරී එමෙන්ම ශරීරය තුළ සියලු අවයව වල බල වඩන මා හැඟි ඔසුවකි.
* කහ කුඩු - රුව වඩයි, විෂ නැසීමේ හැකියාව සහිතයි.
* කරපිංචා - ඇස්, ඉස්, මස්, නහර, අස්ථි ශක්තිමත් කරන ස්නායු පද්ධතිය ප්රකෘතිමත් කරන ඔසුවකි.
* ගොරකා - ඉස්, මස්, අස්ථි ශක්තිමත් කරයි.
* සියඹලා - රුචි වඩයි, බල වඩයි.
* කෝමාරිකා - රෝග නාශක ගුණ ඇති බලවත් ඔසුවකි.
* මුරුංගා - සයනයිඩ් වල පවා විෂ නැති කළ හැකි අද්විතීය ශාක ඔසුවකි.
🍁 වැඩිදුර අවබෝධයට :-
මෙයට තව දෙයක් එකතුවිය යුතුයි. එය නම් භූමාටයේ සිට දිව්ය ලෝක දක්වා බලය පැවැත්විය හැකි, ආහාර ජීර්ණය පද්ධතියේ සියලු විෂ නසාලිය කළ හැකි, මිනිස් උත්තේජනය 100%ක් කළ හැකි, මිනිස් චින්තනය පවා වෙනස් කිරීමට හැකි තරම් මහා ප්රභල රසායනික ගුණයක් අඩංගු ඖෂධයක් වන විජයා පත්ර නොහොත් ගංජා පැළෑටිය. මෙය පානය කිරීමේදී මත් වීම සිදු වුවත් ස්වල්පයක් කෑමට ගැනීමෙන් එසේ මත්වීමක් සිදු නොවේ.. මෙය හෙළ වෙදකම තුළ අතීතයේ භාවිතා කළ ප්රභල ඖෂධයක් වුවත් අවිධිමත් භාවිතය නිසා නීතියෙන් තහනමට ලක් වී ඇත.
♨️ හෙළ තුනපහ සකසන හැටි :-
කෝමාරිකා සුදු මදය හැර අනෙකුත් ද්රව්යයන් සියල්ල චූර්ණයක් (ඉතා සියුම්ව ක්රීම් එකක්) ලෙස වෙන වෙනම ගලේ අඹරා ගන්න.ඉන් පසු වෙන වෙනම අඹරාගත් සියල්ල කෝමාරිකා සුදු මදයෙන් නැවත වරක් එකට අඹරා ගෙන මෙම කල්කය සකසා ගන්න. මෙය සාදන අතරතුර කිසිම විටෙක මෙම මිශ්රණයට වතුර බිඳක්වත් එකතු නොකිරීමට වග බලා ගන්න. පොඟවා මිරිකා ගත් වියළි ගොරක වලින් එකතු වන වතුර ප්රශ්නයක් නැහැ. මෙම සාදාගත් තුනපහ මිශ්රණය ශීතකරණයක තබන්න එපා. ඔබ නියමාකාරයෙන් මෙය සකසා ගත්තේ නම් මෙම මිශ්රණය සති 3ක් පමණ කිසිවක් නොවී එළිමහනේ තබාගත හැකියි. මෙම තුනපහ සෑදීමට මිරිස් ගලක් මිස බ්ලෙන්ඩර් එකක් භාවිතා කරන්න එපා. මෙම මිශ්රණය බ්ලෙන්ඩර් කළවිට පුස් සෑදීමට ඇති ඉඩකඩ වැඩියි. එම නිසා ඉහත මිශ්රණය ගලේම අඹරා ගැනීමට වග බලා ගන්න. ( මෙම හෙළ තුනපහ මිශ්රණය අඹරා කල් තබාගැනීමේදී එයට වේලාසන ලුණු එකතු කරන්න එපා. ව්යංජනය සකසනවිට එම අවස්ථාවේදී පමණක් ලුණු එකතු කරගන්න.)
🔆 මෙම හෙළ තුනපහ ඔසුව භාවිතයට ගත හැකි ආකාර...
01. ආහාර පිසීමේදී මෙයින් තේ හැඳි තුනක් පමණ එකතු කරගන්න. වෙනත් තුනපහ මිශ්රණයන් යෙදීමට අවශ්ය වන්නේ නැහැ. අවශ්ය වුවහොත් පමණක් ලුණු සහ දෙහි ස්වල්පයක් එකතු කරගන්න.
මෙය තුනපහ මිශ්රණයක් ලෙස ආහාර වලට යෙදීම මඟින් උණ,හෙම්බිරිස්සාව, කැස්ස, කොන්ද කැක්කුම, අතපය කැක්කුම, බඩේ කැක්කුම, හන්දිපත්රුදාව, කොලෙස්ටරෝල්, දියවැඩියාව, ප්රෙෂර්, අර්ශස්, ආතරයිටිස් යන බොහෝමයක් ලෙඩ රෝග පාලනය වේ. ඇස් පෙනීම ඇතිවේ. කෙස් පැසීම නවතී. කෙස් ඇදීම සිදුවේ. ශරීරයේ සියලුම ක්රියාකාරී පද්ධතීන් නිසි ලෙස ක්රියාකාරිත්වයට පත්වීමෙන් ඔබ ස්වභාවයෙන්ම නීරෝගී වෙයි.
02. මෙම ඖෂධයට ලුණු බිංදුවක් එකතු කර රසම් එකක් ලෙස ඔබට පානය කළ හැකියි.
03. මෙම ඖෂධයෙන් නෙල්ලි ඇටයක ප්රමාණයක් ඔබ අනුභව කළහොත් එය හොඳ වේදනා නාශකයකි. ( පැනඩෝල් පෙත්තකින් ඔබ බලාපොරොත්තු වන වේදනාව සමනය වීම මෙන් ඊට වඩා කිහිප ගුණයක් හොඳින් ඔබට මෙමඟින් ලබාගත හැකියි.)
04. හන්දිපත් අමාරුව වැනි වාත වේදනා සහිත කෙනෙකුට මෙය බාම් එකක් වෙනුවට භාවිතා කළ හැකියි. මෙය කිහිප දිනක් භාවිතාකිරීමෙන් බාම් එකකින් නොලැබෙන අද්විතීය ගුණ ඔබට මෙමඟින් ලැබෙනු ඇත. ඔබම එය අත්දකින්න.
මෙය සකසා ගැනීමට එඬරු තෙල්, අබ තෙල් හෝ පස් තෙල් යන තෙල් වර්ග වලින් එකක් හෝ හැකිනම් තෙල් වර්ග තුනම ගෙන ඉහත හෙළ තුනපහ ඖෂධයෙන් නෙල්ලි ඇටයක ප්රමාණයක් මේස හැන්දට ගෙන එයට තෙල් ටිකක් දමා පිච්ච මල් පිහොට්ටුවෙන් රත්කරන්න. ( පිච්ච මල් පොහොට්ටුවෙන් රත් කිරීම යනු, පිච්ච මල් පොහොට්ටුවක් තරම් කුඩා දැල්ලකින් රත් කරන්න යන්නයි. මෙවැනි කුඩා දැල්ලක් සකසා ගැනීමට ඔබට ලයිටරයක් වැනි උපකරණයක් භාවිතා කළ හැකියි.) දැන් මෙම ඖෂධය හොඳින් පැහෙනකම් රත්කර ඔබට ඩප්පියක් වැනි කුඩා බඳුනක් තුළ මෙය ගබඩා කර භාවිතයට ගත හැකියි. ඉන්පසු ඔබ වේදනාව ඇති ස්ථානයේ මෙම ඖෂධය හෙමිහිට ගාන්න. තදින් අතුල්ලන්න එපා. ටික දිනක් දිගටම ගාන්න වේදනාව ටිකෙන් ටික පහ වී යයි.
05. තුවාලයක් හටගත් කෙනෙකු හෝ පණු කැවිලි, දද, කුෂ්ඨ, අලුහම්, සුදු කබර, පොතු කබර ආදී රෝග තත්වයන් ඇති කෙනෙක් තල තෙලින් ඉහත පරිදි පිච්චමල් පොහොට්ටුවෙන් රත්කර ඒ ඒ රෝගී ප්රදේශයන් වල ආලේප කරන්න. ඒ සමඟම මෙම හෙළ තුනපහ මිශ්රණයෙන් නෙල්ලි ගෙඩියක ප්රමාණයක් අනුභව කරන්න. මෙය අද්විතීය ඖෂධයකි.
නිරෝගීමත් හෙළ පරපුරක් බිහිකිරීම උදෙසා මෛත්රී සිතින් මෙම හෙළ තුනපහ වට්ටෝරුව නැවත ජාතියට දායාදකර දුන් හෙළවෙදදුරු අනෝජ්ද සිල්වා මහතාට සියලු පිං අත්වේවා!
( හෙළවෙදැදුරු අනෝජ්ද සිල්වා මහතාගේ දේශනයක් ඇසුරෙන් මෙම ලිපිය සකසන ලදී.)
----------------------------------------------------------------------
හෙළයේ යට ගිය රාවණ ඉතිහාසය පිළිබඳ ඉගෙන ගැනීමට මෙම ලිපිය කියවන්න.
https://m.facebook.com/story.php?story_fbid=1935655190062308&id=1839559759671852
.....................................................................
🖊 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ #හෙළ_අරණ #facebook පිටුවට #Like කරන්න.

murunga guna

විශ්මිත ගුණ ඇති මුරුංගා …
🔴 ගෙවත්තේම පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා වල මේ තරම් ගුණ අඩංගු බව ඔබ දැන සිටියා ද?
=============================
🔶. ශාරීරික දුර්වලතා ඇති කරන රෝගීතත්වයක් හෝ කාය ශක්තිය හීන වන අවස්ථාවක මුරුංගා මඟින් නැවත එම දුර්වලතා මඟ හැර ශරීර ශක්තිය වර්ධනය කර ගත හැක. ඒ සදහා එවන් රෝග වැළදුන පුද්ගලයන්ට සහ කාය ශක්තිය වර්ධනය කරගත යුතු පුද්ගලයන්ට මුරුංගා හොදි හෝ මැල්ලුම් ආහරයට එක් කොට ගෙන තිබෙනවා.
🔶. එමෙන්ම ආහාර ජීර්ණ පද්ධතිය ආශ්රිතව ක්රියා කරන මුරුංගා ආහාර ජීර්ණ ක්රියාවලිය ක්රමවත් කරනවා.
🔶. පණු රෝග රාශියක් සඳහා මුරුංගා ගුණ ගෙන දෙන අතර එවන් රෝග ඇති අය දිනපතා වුවද මුරුංගා කොළ මැල්ලුමක් ලෙස ආහාරයට එක් කරගැනීම ඉතා සුදුසුයි.
🔶. මුත්ර පද්ධතිය ආශ්රිත රෝග, මුත්රා ගල් ආදියට ද මුරුංගා ගුණ දායකයි.
🔶. හෘද රෝග වලට ගුණදායකයි.
🔶. අස්ථි වර්ධනයට අවශ්ය පෝෂක රැසක් මුරුංගා කොළ වල අඩංගුයි. මුරුංගා කොළ මැල්ලුම කුඩා ළමුන්ට සහ ගැබිනි මාතාවන්ට ඉතා ගුණදායකයි.
🔶. ඇදුම, කැස්ස වැනි රෝග තත්වයන් ට ද ගුණදායකයි.
🔶. සැරව ගලන තුවාල සුව කරගැනීමට ද
🔶. ශ්රවණ පද්ධතිය ආශ්රිත රෝග නිවාරණයට ද
🔶. අධික තරබාරු කමින් මිදිමට ද
🔶. කුරුලෑ ලප කැලැල් දහඩිය බිබිලි නැති කරගැනීමට ද
🔶. සෙම් රෝග සදහා ද
🔶. ඉදිමුම්, තැලුම්, වේදනා නාශනයට ද
🔶. විෂබීජ නාශකයක් ලෙස ද මුරුංගා ඉතා ගුණදායකයි.
🔵 නිරෝගිමත් සාර්ථක දිවියකට එකතු කරගනිමු...
=================================
🔷. මුරුංගා කොළ 60g කට වතුර 200ml ද ලුණු සහ ගම්මිරිස් ස්වල්පයක් ද එක් කර තම්බා පානය කරන්න. අස්ථි රෝග වලට ඉතාමත් ගුණ දායකයි. (මුරුංගා කොළ වල ප්රෝටීන , විටමින් C, විටමින් B, බීටා කැරොටින් ,කැල්සියම් , මැග්නීසියම් ,කොපර්, යකඩ, ඛනිජ ලවණ, පොස්පරස් ආදි ගුණ රාශියක් අඩංගු වී ඇත.)
🔷. මුරුංගා කොළ එළගිතෙල් හෝ බටර් සමග තෙම්පරාදු කර ආහාරයට ගැනීම අස්ථි රෝග මෙන්ම මුත්රා ගල් නැසීමට ද උපකාරී වේ.
🔷. මුරුංගා කොළ හොඳින් වියළා කුඩු කරගන්න. එය දිනපතා තේ සාදන ආකාරයටම පානයක් ලෙස සකසා පානය කිරීමෙන් ශ්රවණ පද්ධතිය ආශ්රිත රෝගවලට ගුණයක් ගෙන දේ.
🔷. අමු මුරුංගා කොළ කොටා ඉස්ම තේ හැදි දෙකක් ගෙන එයට මී පැණි තේ හැන්දක් මිශ්ර කර එම ද්රාවණය තැඹිලි ගෙඩියක වතුර සමග හොඳින් මිශ්ර කර දිනකට උදේ , දිවා , හවස ලෙස තෙවරක් පානය කරන්න.එමගින් ඔබේ ආහාර ජීරණ ක්රියාවලිය ආශ්රිත රෝග වලට සුවය ලැබී වඩා කාර්යක්ෂම ලෙස ආහාර ජීර්ණය සිඳු වේ.
🔷. මුරුංගා කොළ මිටක් අඹරා එයට මුදවපු කිරි මේස හැදි කිහිපයක් එක් කර දිනපතා උදෑසන හිස් බඩට අහාරයට ගන්න. එය ඔබට ගැස්ට්රයිටිස් රෝගයෙන් මිදිමට මනා උපකාරයක් වනු ඇත.
🔷. මුරුංගා ගසේ පොතු මිටක් ගෙන එයට වතුර පත 4ක් දමා 1ට සිදුවා උදේ භාගයක් සහ සවස භාගයක් ලෙස පානය කරන්න. එය මුත්රා ගල් දිය වීමටත්, හොඳින් මුත්රා පිටවීමටත්, මුත්රා දැවිල්ල නැති කිරීමටත් උපකාරී වේ.
🔷. කොහොඹ කොළ සහ මුරුංගා කොළ සමව ගෙන අඹරා දෙහි යුෂ ස්වල්පයක් මිශ්ර කොට නැවත අඹරා ඇඟ ගැල්වීමෙන් දහදිය බිබිලි යටපත් වී සුවයක් ලැබේ.
🔷. ලුණු වරණ පොතු, අමුකහ සමව ගෙන අමු මුරුංගා පොතු යුෂයෙන් එය සියුම්ව අඹරන්න. (මුරුංගාදීලේපය) එය තැළුම්, ඉදිමුම් , වේදනා ඇති ස්ථාන වල ආලේපයෙන් සුවයක් අත් වේ.
🔷. මුරුංගා පොතු දෙහි ඇඹුලෙන් අඹරා ආලේපයෙන් අදාල ස්ථානයේ දෙඹර, බඹර, ගෝනුසු දෂ්ඨනයෙන් ඇති වූ විස නැසිය හැක.
🔷. මුරුංගා කොළ යුෂ තේ හැදි දෙකක් පුහුල් හෝ කැකිරි යුෂ වීදුවකට කවලම් කොට පානය කිරීමෙන් මුත්රා දැවිල්ල නැති වේ. හොඳින් මුත්රා පිට වේ.
🔷. මුරුංගා මුලේ පොත්ත කොටා මිරිකාගත් යුෂයට බුලත් කොළ යුෂ සහ අමු ඉඟුරු යුෂ තේ හැදි එක බැගින් ද මී පැණි තේ හැන්දක් පමණද එක් කර සති දෙකක් පමන පානය කරන්න. ඔබට උදේ සවස ඇතිවන සෙම් ගතිය පහව යනු ඇත.
🔷. ළපටි මුරුංගා ඇට මී පැණි සමග කෂායක් ලෙස පානයෙන් අධික තරබාරුව නැති කර ගත හැක.
🔷. මුරුංගා කොළ ස්වල්පයකට තල තෙල් සහ එළගිතෙල් ස්වල්පය බැගිම් මිශ්ර කර අඹරා ආලේපයෙන් සැරව ගලන තුවාල පිරිසිදු කර සුව කරගත හැක.
🔷. මුරුංගා ව්යංජන සහ මුරුංගා කොළ මැල්ලුම් ආහාරයට එකතු කර ගැනීමෙන් ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම ද පාලනය කර ගත හැක.
🔷. මුරුංගා කරලේ ඇති ඇට වල අද්විතීය විෂබීජ නාශක ගුණය නිසා ඇතැම් රටවල අපවිත්ර ජලය පවිත්ර කිරීමට මුරුංගා ඇට යොදා ගන්නා බව ඔබ දන්නවාද....?
🔷. දරු සම්පත් සදහා මුරුංගා මල් හා කොළ එක් කර මුරුංගා තේ සාදන අකාරයට සාදා මී පැණි තේ හැන්දක් ස්මග නින්දට පෙර පානය කළ හැකිය.
මෙලෙස නිවසේ ඉතා පහසුවෙන් වගා කරගත හැකි මුරුංගා ඉතා ගුණදායක වෙයි. ස්වභාවික හේ ජීවිතයට එක්කර නිරෝගී ජීවිතයක් ගොඩනගාගන්න. එමගින් කෘතිම දේට යොමු වීම අඩු වී ඔබගේ මිල මුදල් ද නිරෝගී භාවය ද යන අංශ දෙකම රැකගත හැකියි.
👩‍⚕️ සටහන :- කවී යහතුගොඩ
( ආයුර්වේද වෛද්ය ශිෂ්යා - දේශීය වෛද්ය විද්යායතනය, කොළඹ විශ්ව විද්යාලය)
........................................................................
🔶 මෙවැනි වටිනා විස්තර දිනපතා දැන ගැනීමට අපගේ හෙළ අරණ #facebook පිටුවට #Like කරන්න. ඒ වගේම අනිත් යාලුවන්ට දැනගන්න මේ ලිපිය #Share කරන්නත් අමතක කරන්න එපා.